Connect with us

පුවත්

රජයේ පොතට නොවැටුණු චීන ණය තුනක්!

Published

on

ව්‍යාපෘති තුනක් සඳහා ලබාගෙන ඇති ණය රජයේ ණය ලෙස වාර්තා කිරීමට අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලි බලාගාරය, හම්බන්තොට වරාය එම ව්‍යාපෘති තුන වෙයි. 

චීන අපනයන-ආනයන බැංකුවෙන් ලබා ගෙන ඇති මෙම ණය මුදල් ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට පැවැරීම මෙහි අරමුණ වී ඇත.

පසුගිය වර්ෂය අවසාන වන විට මත්තල ගුවන් තොටුපළ සඳහා ගත් ණයවලින් ඇමරිකානු ඩොලර් මිලියන අනූ තුනක් තවමත් ගෙවීමට තිබේ. 

නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ගත් ණයවලින් ඇමරිකානු ඩොලර් මිලියන 591ක් ගෙවීමට ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණයවලින් ඩොලර් මිලියන 742ක් ගෙවීමට තිබේ.

හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනම මත මුදා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අදාළ ණය හා වත්කම් වාර්තා මූල්‍ය ප්‍රකාශනවලින්ද ඉවත් කර තිබේ. 

තවද චීන අපනයන-ආනයන බැංකුව සමග අත්සන් කර ඇති ව්‍යාපෘති ණය ගිවිසුම් අටක්ද රජයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොමැති බව විගණකාධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

පුවත්

“සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්ය.

අදාල නිවේදනය,

“ක්ලීන් ශ්‍රී ලංකාවක්” වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කරමු! –  “සිරි දළදා වන්දනාවට” පැමිණෙන සැදැහැවතුන්ට ඉල්ලීමක්

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසත්, දළදා මාළිගය අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙසත්, එසේම කැළිකසළ අදාළ ස්ථානවලටම පමණක් බැහැර කිරීම වෙනුවෙන් සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකිම ඉටු කරන ලෙසත්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කර සිටියි.

රට තුළ සාමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කැළිකසළවලින් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමේ යහ පුරුද්ද සමාජගත කිරීමද මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති කරුණකි.

පසුගිය දා ආරම්භ වූ සිරි දළදා දැක්මට සමගාමීව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින්  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

Published

on

By

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කමල් අමරසිංහ මහතා දැනට වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබයි.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදා හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ඒ මහතා වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved