Connect with us

පුවත්

උසස් අධ්‍යාපනයට මුදල් සොයා ගණිකා වෘත්තියට ගිය පිරිසක් දැලේ!

Published

on

උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයාගැනීම සඳහා ගණිකා වෘත්තියේ නිරතව සිටි රූමත් තරුණියන් 14දෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු තලංගමදී අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 20 හා 30 අතර පසුවන තරුණියන් පිරිසක් සහ එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් පිරිසකි.

අදාළ තරුණියන් පිරිස කොළඹින් දුර බැහැර ප්‍රදේශවල පදිංචි පිරිස් බවද එම බළකාය පවසා සිටියි.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බලප්‍රදේශය තුළ වර්ධනය වෙමින් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් නිලධාරීන් පිරිසක් තරුණියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වළාගෙන තරුණියන් අලෙවි කරන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්‍ෂම අයුරින් ලබාදුන් රහසිගත සංඥාවක් අනුව මෙම වැටලීම් සිදුකර තිබිණි.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුවත්, මෙම රැකියාව තෝරාගත් බව හඬා වැටෙමින් සඳහන් කළේ යැයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එසේම කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල උසස් රැකියාවල නිරත වන බවට තමන් මවුපියන්ට හා ඥාතීන් පවසා තිබීම හේතුවෙන් මේ බව නිවෙස්වලට නොදන්වන ලෙස අදාළ තරුණියන් බැගෑපත්ව ඉල්ලා සිටි බවද පැවසේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved