Connect with us

පුවත්

කොමිසම කියන්නේ කෙප්පද? ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹා නැද්ද?

Published

on

පෙබරවාරි 15 දින තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භය කර යුතුව ඇතත්, මේ දක්වාම එකම ඡන්ද පත්‍රිකාවක් හෝ මුද්‍රණය කර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු නොකරන්නේ නම් තමන් අධිකරණයට පැමිණිලි කරන බවට මැතිවරණ කොමිසමේ නිලධාරීයෙකු විසින් රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට දැනුම් දී ඇති බවද පැවසේ.

මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය සමඟ පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් බහින්බස්වීමක් ද සිදුව ඇතැයි වාර්තා වේ.

මැතිවරණයට අදාළ මෙතෙක් සිදු කළ මුද්‍රණ කටයුතු සඳහා වන වියදම් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදී නොමැත.

මැතිවරණ කොමිසම පවසා ඇත්තේ ඡන්දය පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී ඇති බැවින් මුද්‍රණ කටයුතු සිදු කර ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ යුතු බවයි.මැතිවරණ කොමිසමේ කෙප්ප

මේ අතර මැතිවරණ කොමිසම දිසාපතිවරුන්ට හා දේශපාලඥයින්ට පවසා ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ බවයි. 

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට කඩදාසි තොග වෙන් කර, පරිගණක නිර්මාණ (ආර්ට් වර්ක්) සිදු කර ඇති නමුත් මේ දක්වා කිසිදු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කර නොමැත.

ඡන්දය ආරම්භ කිරීමෙන් පසුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.  

නමුත් මෙවර මැතිවරන කොමිසම විසින් අපේක්ෂකයින්ගේ ඇප මුදල් සහ භාණ්ඩාගාරය විසින් ලබා දුන් මුදලින් කොටසක් පමණක් මේවනවිට රජයේ මුද්‍රණාලයට යවා ඇති බව වාර්තා වේ.  

රුපියල් මිලියන  40 ක් දීලා ඡන්ද පත්‍රිකා ගහන්න කියලා. හැබැයි මි. 40 න් ගහන්න පුළුවන් දිස්ත්‍රික්ක 10 ක විතරයි.  

සිකුරාදා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න ද කියලා අහලා නීතිපති ගෙන් විමසීමක් කර තිබෙනවා. එයට මුද්‍රණාලයට තවම පිළිතුරක් නෑ. හෙට උදේ නීතිපති ගෙන් අහලා තමයි මුද්‍රණය පටන් ගන්නේ ” රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ක්‍රියා කාරිකයකු මාධ්‍යට පවසා ඇත.

ණය කොන්දේසි මත මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා එකඟත්වය ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් විසින් කැඳවා ඇති නමුත් ඔවුන් සියළු දෙනා ම මැතිවරණ කොමිසමට පැමිණීම පවා ප්‍රතිකේෂ්ප කර ඇතැයි වාර්තා වේ.

ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23, 24 දිනවල සැලසුම්කළ ආකාරයට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙවැනි පසුබිමකය.මැතිවරණයට ප්‍රමාණවත් කඩදාසි හා තීන්ත !

පළාත් පාලන මැතිවරණයට අදාල මුද්‍රණ කටයුතු වලට අවශ්‍ය කඩදාසි හා තීන්ත රජයේ මුද්‍රණාලය සතුව නොමැති බවට ඇතැම් මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බව මේ අතර වාර්තා වේ.

ආරක්‍ෂිත දිය සලකුණු සහිත කඩදාසි පාවිච්චි කරමින් ඡන්ද පත්‍රීකා මුද්‍රණය කරනු ලබන්නේ ජනාධිපතිවරණයක දී හා මහ මැතිවරණයක දී පමණක් බැවින්, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ මුද්‍රණ කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ 80gsm සාමාන්‍ය සුදු කඩදාසි බවත්, එම කඩදාසි හා තීන්ත ඕනෑවටත් වඩා රජයේ මුද්‍රණාලය සතුව පවතින බවත් මේ අතර වාර්තා වේ.

මේ අතර, මුද්‍රණ දෙපාර්තමෙන්තුවේ ප්‍රධානියකු මාධ්‍යට පවසා ඇත්තේ මහ මැතිවරණයකට හා ජනාධිපතිවරණයකට වුව ප්‍රමාණවත් ආරක්‍ෂිත දිය සලකුණු සහිත කඩදාසි හා තීන්ත රජයේ මුද්‍රණාලය සතුව පවතින බවයි.

එම තත්ත්වය තුළ  පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා කඩදාසි හා තීන්ත වහාම මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු අවධාරණය කර ඇත.

මූලාශ්‍රය – ද ලීඩර්

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

කදුරුවෙල ක්වාසි අධිකරණ විනිසුරු අත්අඩංගුවට

Published

on

By

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදීය.

ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved