පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.
පොතුහැර ප්‍රදේශයේ ආයතනයක් විසින් නිපදවා ඇති මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගයේ කංසා, අශ්වඝන්, වැල්මී සහ ලුණුවිල අඩංගු වන බව වාර්තා වෙයි.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම චොක්ලට් වර්ගය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස අදාළ නිෂ්පාදකවරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.
කංසා අබින් විෂවර්ග ආඥා පනතට අනුව මෙය තහනම් නිෂ්පාදනයක් වන බවත් මෙරට කංසා භාවිතයට ගැනීමට හැකියාව ඇත්තේ ඖෂධ සැකසීම සඳහා පමණක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
කෙසේවෙතත්, මෙම චොක්ලට් වර්ගය නිෂ්පාදනය කළ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ධනංජය වීරසූරිය පවසා ඇත්තේ මෙම නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබාගැනීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, ඒ අනුව, මෙම නිෂ්පාදනය පර්‌යේෂණාත්මක මට්ටමින් තිබියදී සීමිත කොටසක් අලෙවි කිරීමට හැකි අයුරින් අනුමැතිය ලබා දී ඇති බවත්ය.
මේ වනවිට එම පර්යේෂණයේ විද්‍යාගාර සහ සායනික පර්‌යේෂණ අවසන් කර තෙවන අදියරයේ මහජන පර්‌යේෂණ මට්ටමෙන් කටයුතු සිදුකරමින් සිටින බවත්, මේ දක්වා නිෂ්පාදනය කර ඇති කංසා මිශ්‍ර චොක්ලට් දහසක ප්‍රමාණය මේ වනවිට අලෙවි වී ඇති බවද ඔහු පැවසීය.
(මූලාශ්‍රය : අරුණ)