Connect with us

පුවත්

බේස්ලයින් හි වෙඩි තැබූ හමුදා බුද්ධි සාමාජිකයා අයිස් ගහන්නෙක්

Published

on

බොරැල්ල බේස්ලයින් මාවත හල්ගහවත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගෙන් කෙනෙකු අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණ වෛද්‍ය රුහුල්හක් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයකින් මේ බව තහවුරුව තිබේ.‘විලාසිතා එකෙන්’ කියල මගේ බෙල්ලෙන් අල්ලගෙන ඇවිත් මාංචු දාලා ඔලුවට පිස්තෝලෙන් ගහන කොට ඒක පත්තු වුණා සර්’’ යැයි 
බේස්ලයින් මාවත හල්ගහවත්ත ප්‍රදේශයේදී පෙරේදා (13) රාත්‍රියේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ වෙඩිපහරට ලක් වී මිය ගිය 25 හැවිරිදි මෙලනි කාංචනාගේ මරණ පරීක්ෂණයෙදී සාක්ෂි ලබාදෙමින් රොමේෂ් මධුසංක පවසා ඇත.

පෙරේදා රාත්‍රි 7.00ට පමණ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් දෙදෙනකු බේස්ලයින්, හල්ගහවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට පිටත්ව යන බව කියමින් බොරැල්ල පොලිසිය දැනුවත් කර ගොස් අදාළ සිද්ධිය ඇති කර තිබිණි.

එම ප්‍රදේශයේ පැයක පමණ කාලයක් නිරීක්ෂණයක යෙදුනු එම නිලධාරීන් දෙදෙනා රොමේෂ් මධුසංක නමැත්තා අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට උත්සාහ දැරීමේ දී අසල්වැසියන් එම ස්ථානයට රොක් වි ඇත. 

එම අවස්ථාවේ දී විලංගු ලා තිබූ පුද්ගලයාට එක් නිලධාරියකු තමා සතු ගිනිඅවියේ බඳ කොටසින් හිසට පහරක් එල්ල කර ඇති බව කියයි. 

එහිදි ක්‍රියාත්මක වූ ගිනි අවියෙන් පිටවූ උණ්ඩයක් එම ස්ථානයේ සිටි 25 හැවිරිදි මෙලනි කාංචනා නමැත්තියගේ පපු ප්‍රදේශයට එල්ල වූ බවද පැවැසේ.

සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි සිටි ශ්‍රී වික්‍රම පත්තිනිලාගේ සුනේත්‍රා මහත්මිය කියා සිටියේ “අපි කට්ටිය කැට සෙල්ලම් කරන්න යන්න ලෑස්ති වෙලා හිටියේ. ඒ අතරතුර රැවුල වවාගෙන ආපු දෙන්නෙක් එකපාරටම රොමේෂ්ව අල්ලගත්තා. අපි ඇහුවා ඔයාලා කවුද කියලා. එයාල කිව්වේ අපි ‘විලාසිතා’ එකේ කට්ටිය කියලා.” යනුවෙන් කියා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

“මීට පෙරත් අපේ වත්තේ කෙනෙක්ව පොලිසියෙන් ගහලා හාට් ඇටෑක් හැදිලා මැරුණා. අපිට පුදුම වදයක් තියෙන්නේ නංගි දැන් නැතිවුණා. එයාගේ පහවසරේ ඉන්න දරුවයි මොන්ටිසෝරි යන පුතයි ගැන කවුද දැන් බලන්නේ. අපිට සාධාරණයක් විය යුතුයි.”

විලාසිතා යන නම බොහෝ පිරිසක් දැනුවත්ව නොමැති වුවද බස්නාහිර පළාතේ ජාවාරම් කරුවන් එම නම කියූ සැණින් බියට පත්වෙයි. 

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට මේ නම පටබැඳ ඇත්තේ වසර කිහිපයකට පෙර වැල්ලවත්ත හැව්ලොක් ටුවමේ පිහිටි ‘විලාසිතා’ ගොඩනැගිල්ලේ එම ඒකකය පිහිටුවීමත් සමඟය.

කෙසේවුවද, පසුව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මිහිඳු මාවතට ගෙනගිය ද ‘විලාසිතා’ යන තවමත් භාවිතා කිරීම ඉන් පසුවද සිදුව ඇත.

වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයද වැල්ලවත්ත පොලිසියේ පිහිටා තිබූ අවධියේ එම කණ්ඩායමද ‘විලාසිතා’ නමින් හැඳින්වීමට බොහෝ පිරිස් පුරුදුව සිටි බවද මේ අතර වාර්තා වේ.

‘විලාසිතා’ නම කියූ සැණින් බියට පත්වන නිසා බුද්ධි අංශ නිලධාරීන් එම නාමය සිය වැටලීම්වලදී භාවිතා කර ඇති බව විමර්ෂණවලදී හෙළි වී තිබුණි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මේ වනවිට විසුරුවා ඇතිමුත් විලාසිතා නමට අදටත් ජාවාරම්කරුවන් බියක් දක්වන්නේ එහෙයිනි.

වෙඩි පහර එල්ලවීමෙන් අනතුරුව මෙලනි බිම ඇදවැටී තිබුණි. 

සිද්ධියත් සමඟ හමුදා බුද්ධි අංශ නිලධාරින් සිය ආරක්ෂාව පතාගෙන බොරැල්ල පොලිසියට ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක විතානගේ මහතා විසින් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමෙන් අනතුරුව හල්ගහවත්තේ වෙඩි තැබීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබුණි.

ඊයේ (14 ) උදෑසන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ස්ථානීය පරික්ෂාව සිදු කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත්වරිය ලබන 21 වැනිදා සාක්ෂි කැඳවීමට අංක දෙක අධිකරණයේ පෙනී සිටින ලෙස පවුලේ ඥාතීන් හට නියෝග කළාය.

සබැඳි පුවත්
බොරැල්ලේ කතට වෙඩි තැබුවාද?; හමුදාවේ 2ක් අත්අඩංගුවට

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved