Connect with us

පුවත්

ජිනීවා යන නඩේ අට ලක්ෂේ ටිකට් නිසා ලොක්කන්ගේ ටිකට් කැපෙයි

Published

on

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා ව්‍යාපාරික පන්තියේ ගමන් තහනම් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් එම පහසුකම භුක්ති විඳි නිලධාරීන් කිහිප දෙනෙකුට ආර්ථික පන්තියේ ගමන් කිරීමට සිදුවේ.

එම පහසුකම හිමි වූවන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද සිටින බව පැවසේ.

ලබන සතියේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට නියමිත විදේශ අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ව්‍යාපාරික පන්තියේ එක් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් ලක්ෂ 8 බැගින් වෙන්කරගෙන ඇති බව හෙළිදරව් වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

රටේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ව්‍යාපාරික පන්තියේ ගමන් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නිලධාරීන්ගේ විදේශ සංචාර වලදී හෝටල්වල නවාතැන් ගැනීම සඳහා ද චක්‍රලේඛය මගින් සීමාවන් පනවනු ඇති බවට වාර්තා වේ.

වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත වුවද, විශයභාර අමාත්‍යවරයාගේ ගමන් පිළිවෙත් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවනු අති බවද මේ අතර වාර්තා වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved