Connect with us

පුවත්

ගුවන් අනතුරු ගැන හොයන්න ස්වාධීන කණ්ඩායමක්

Published

on

මෙරට ගුවන් අවකාශයේ සිදුවන ගුවන් අනතුරු පිළිබඳව විමර්ශනය කිරීමට මෙරට ඉතිහාසයේ පළමු වරට ස්වාධීන කණ්ඩායමක් පත් කර තිබේ.

ගුවන් අනතුරු පිළිබඳ විමර්ශනය කිරීමට භාර ගන්නා පළමු ගුවන් අනතුරු පරීක්ෂක කණ්ඩායමට අද (16) දිනයේදී පත්වීමේ ලිපි ලබාදුන් බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.

පුවත්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

Published

on

By

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට මේ වනවිට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසය.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමන්ට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් සටහන් කර තිබේ.

Continue Reading

පුවත්

පානදුරේ වැරදුනු කුරුමානම

Published

on

By

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදුකර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

Continue Reading

පුවත්

මහින්දානන්ද – නලින් බලන්න අවස්ථාව මාසයකට එක්වරයි

Published

on

By

බරපතළ  වැඩ සහිත සිර දඬුවම් ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට  තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද  ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු  ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දෙදෙනාට බන්ධනාගාරයේ  වැඩ පැවරීම බොහෝ දුරට අද (02)   කෙරෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved