Connect with us

පුවත්

බූරු මූණාගේ ඝාතන වැලේ සුළමුළ එළියට!

Published

on

පොලිස් අත්අඩංගුවෙන් පළා ගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මූණා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් සිකුරාදා බුරු මුනා නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දින දක්වා ප්‍රශ්නෙ කෙරිණි.

බුරු මුනා නමැත්තා සිදුකල ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම, ඇල්පිටිය, හික්කඩුව, කටුනායක, ඌරගහ හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඝාතන නමයක චෝදනා බුරු මුනා ට එල්ල වී ඇතත් තමන් සිදුකලේ ඝාතන දෙකක් බව බුරු මූණා හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුර නමැත්තාගේ ගෝලයා ලෙස කටයුතු කල බුරු මුනා නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුනා ව පරකඩුවට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තමන්ගෙ ගෝලයන්ට හිරිහැරකරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් බුරු මුනා ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී ඇත

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුරු මුනා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

අවස්ථා කීපයකදීන් හංවැල්ලේ ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා කිරීම සඳහා ගියත් අවස්ථාවක් නොවූ හෙයින් ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්නන්ගර ගේ ලලිත් කන්නන්ගර නැමැත්තා බුරු මුනා වෙත මෙම පුපුරණ පුද්ගලයකු මාර්ගයෙන් එවා තිබූ බවට සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

ඒ සදහා ඩෙටනේටර් තුනක්ද රැගෙනවිත් තිබූ අතර පොලිස් වෙඩි පහරින් මිය ගිය හංවැල්ල ඝාතනයේ යතුරුපැදිය පැදවූ කරකරවිට සීයා නැමැත්තා හැඳ සිටි කබාය තුළ ඒවා බහා තිබූ බවත් ඝාතනයෙන් අනතුරුව කබාය සහ ආරක්ෂක හිස් වැස්ම විසිකර දැමූ බවත් සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය කියයි.

ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමෙන් අනතුරුව ඩුබායි ඩුබායිහි සැඟව සිටින ලලිත් නමැත්තා ගේ උපදෙස් මත එම අධිබලැති පුපුරන අධි බලැති පුපුරණ දව්‍ය හංවැල්ල දස වේල්ල පාර දුරකථන කණුවක් යට තැබූ බවට බුරු මුනා ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව එම පුපුරන ද්‍රව්‍ය සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

කටුනායක ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවෙන් පලා යෑමෙන් අනතුරුව සැකකාර බුරු නැමැත්තා රත්ගම විදුර, හංවැල්ල ලලිත් කන්නන්ගර, ඩුබායිහි සැඟව සිටින ඩිලාන්, වත්තල වර්ණ ආදී අපරාධකරුවන් විසින් මීගමුව දඹුල්ල මරදන්කඩවල, කරවනැල්ල ආදී ප්‍රදේශවල රැකවරණය ලබාදී ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පළා යාම ඉන් අනතුරුව සහ හංවැල්ල ඝාතන සිද්ධියෙන් අනතුරුව නවාතැන් ගෙන සිටි ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

බුරු මුනා නැමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රැඳවුම් නියෝග ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෙට (20) අමාත්‍යංශයෙන් අවසර ලබා ගැනීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහතාගේ පූර්ණ උපදෙස් මත, බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි චන්දන ගමගේ මහත්තුරුන්ගෙ මෙහෙයවීමෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

මූලාශ්‍රය – අද

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved