Connect with us

පුවත්

පැකට්ටුවේ බේගල් දැමූ ප්‍රීමා නූඩ්ල්ස් විකුණූ කාර්ගීල්ස්ට නඩුවක්!

Published

on

ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනය කර බෙදාහරින නොම්බර 346, මීගමු පාර. සීදුව යන ලිපිනයේ ඇති සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය (ප්‍රීමා ගෲප් – ශ්‍රී ලංකා) හා ස්ටෙපල්ස් ස්ට්‍රීට්, කොළඹ 02 යන ලිපිනයේ ඇති කාර්ගීල්ස් ෆුඩ්ස් කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් (කාර්ගීල්ස් ෆුඩ්සිටි) ආයතන දෙක සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

ඒ අදාළ සමාගම විසින් දිනුම් ඇදීමක් පවත්වා අවසන්වීමෙන් පසුව ද අදාළ එම දැන්වීම නූඩ්ල්ස් ඇසුරුම්වල ප්‍රදර්ශනය කරමින් විකිණීම සම්බන්ධයෙනි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රීමා හා කාර්ගීල්ස් ෆුඩ්සිටි ආතනවලට B82687/05/2023 යන අංකය යටතේ අධිකරණයට නඩුවක් ගොනුකරමින් පෙන්වා දී ඇත්තේ මේ සමාගම් පාරිභෝගිකයා රවටා නොමඟ යවා ඇති බවයි.

ඒ අනුව එම සමාගම් දෙකට නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් අදාළ භාණ්ඩ විකිණීම යන චෝදනාව හා නොමඟ යැවීමට හෝ රැවැටීමට තුඩුදෙන අයුරින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් මත දිනුම් අදින බවට මුද්‍රණය කර දිනුම් ඇදීම අවසන් වූ පසුවත් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම යන චෝදනා දෙක යටතේ නඩුව ගොනුකර ඇත.

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (ප්‍රීමා ගෲප් – ශ්‍රී ලංකා) හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස  ෂුන් ටියන් ඇෂිං මහතා ද, නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස සජිත් ගුණරත්න මහතා ද ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු ලෙස ඩොනවන් ඔන්ඩච්ඡි මහතාද කටයුතු කරනු ලබයි.

සබැඳි පුවත්

ඇසුරුමේ බොරු ලියා ජනතාව රැවැට්ටූ ප්‍රීමා නූඩ්ල්ස්ට නඩුවක්!

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved