Connect with us

පුවත්

පොලිසියේ 260 නොකියාම සේවයෙන් නැවතිලා

Published

on

පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බවද පොලිස් මූලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ආතතිය, ආර්ථික ප්‍රශ්න, අධික රාජකාරී, සහ රාජකාරි බලපෑම්, අවිවේකී බව හේතුවෙන් මින් බොහෝ පිරිසක් පොලිස් සේවය අතහැර ගොස් ඇතැයිද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම සියලු පිරිසට පොලිස් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇතැයි ද ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

2022 වසර තුළ පමණක් පමණක්ම පොලිස් නිලධාරීන් 900 පොලිස් සේවය අතහැර ගොස් ඇත.

පුවත්

සාපෙළ අපේක්ෂකයන් වෙනුවෙන් හෙටත් විවෘත රජයේ කාර්යාල

Published

on

By

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (4) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් , විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවත්

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය http://www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප )

Continue Reading

පුවත්

Alipay ගිනුම් ජාවාරමක් !

Published

on

By

මෙරට සිටින විදේශ ගමන් බලපත්‍ර සහිත පුද්ගලයන්ට රුපියල් 3500/- ක මුදලක් ලබා දෙමින් අලිපේ (Alipay) ගිනුම් සකස්කරගෙන ඒවායේ මුරපද ද සහිතව මිලදී ගන්නා සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

අදාළ කල්ලිය කුමන ආකාරයේ අපරාධ සඳහා මෙම ගිනුම් යොදා ගන්නේද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

කෙසේවුවද, පසුගිය කාලයේදී මෙරට බැංකුවලින් ඔන්ලයින් සේවාවන් ඔස්සේ මුදල් වංචාවන් සිදු කරීම සම්බන්ධයෙන්ද මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරමින් තිබේ.

මේ අතර, පසුගිය අප්‍රේල් 26 වැනිදා පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් සතියක පමණ කාලයක සිට ක්‍රියාත්මක බව හෙළි කළේය.

සබැඳි පුවත්:
සුවිශාල ඔන්ලයින් ගනුදෙනු වංචාවක් 

Continue Reading

පුවත්

දමිතා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරයි

Published

on

By

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.

කෙසේවෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved