Connect with us

පුවත්

ලබන සතියේ කිරිපිටි මිල බහියි

Published

on

ලෝක වෙළඳපොලේ මිල ගණනන් අඩුවීමත් සමග ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

මේ සමග කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රු. 200 කින්ද,  ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 80 කින්ද අඩුවනු ඇත.

නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බව ආනයනකරුවන් වැඩිදුරටත් පවසයි.

පුවත්

විජයදාසට බාධා නොකරන්නැයි නියෝග

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් මෙම නඩු කටයුත්ත හැර වෙනත් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මෙම වාරණ නියෝගය ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

(ලංකාදීප )

Continue Reading

පුවත්

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයා රෝහලේ

Published

on

By

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

පැරෂුටය විවෘත වීම ප්‍රමාද වූ බැවින් ඔහු වහලයක් මතට ඇද වැටී ඇති බව වාර්තා වේ.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්ය.

Continue Reading

පුවත්

“ඩයනා පාර්ලිමේන්තුවේ අවභාවිතා වුනා”

Published

on

By

හිටපු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව ආණ්ඩු පක්ෂය විසින් සමගි ජන බලවේගය බිඳ වැට්ටීම වෙනුවෙන් භාවිතා කල පළිහක් වශයෙන් අවභාවිතා කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද (13 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“වැරදි කෙනෙක් පත් කලාය කියලා අපි පිළිගත්තාම, අපි ඒක නිවැරදි කරන්න ගියාම ජනාධිපතිතුමා තමුන්නාසෙලාගේ ආණ්ඩුව මොකක්ද කලේ? එතුමියව ආරක්ෂා කළා. මොකටද ආරක්ෂා කලේ?

හැමදාම උදේට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාට අපහාස කරන්න. එතුමාට ගහන්න. එතුමාට බනින්න. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්න. ඒ හැමදේකටම ජනාධිපතිතුමයි තමුන්නාසෙලයි එතුමියව ආරක්ෂා කරා.

ඒකට එතුමියව පාවිච්චි කලා. සමගි ජන බලවේගයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරන්න. එතුමියව පාවිච්චි කරා. තමුන්නාසේලා හැමදාම මේ පාර්ලිමේන්තුවේ එතුමියව උසි උසි කිව්වම එතුමිය ඒ පැත්තේ ඉඳගෙන මේ පැත්තට බුරනවා. සමහර වෙලාවට අපේ මන්ත්‍රීවරුන්ගේ ඇඟට කඩා පැන්නා හපා කන්න.

ඒ විදියට තමා තමුන්නාසේලා අර රූකඩයක් නටවනවා වගේ ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමියව ජනාධිපතිතුමයි තමුන්නාසේලයි එතුමියව නැටෙව්වා….”

මෙහිදී මන්ත්‍රීවරයා ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සනාථ ලිඛිත කරුණු ද ගෙන දක්වමින් තව දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“රතු පාස්පෝට් මොකටද දුන්නේ? රතු පාස්පෝට් දුන්නේ අපිට ගහන්න. අපේ පක්ෂයට කුමන්ත්‍රණය කරන්න. නැතුව මේ ඩයනාට ආදරේ හින්දා නෙවෙයි. ඒවා දීලා වරප්‍රසාද දීලා නියෝජ්‍ය රාජ්‍ය ඇමතිකම් දීලා එතුමියව පාර්ලිමේන්තුවේ තියාගෙන හිටියා. එහෙම නම් තමුන්නාසේලාගේ ආණ්ඩුවත් මේකට වගකියන්න ඕනේ.

මේ පාර්ලිමේන්තුවේ විදේශීය කාන්තාවක් ඉන්නවා කියන එක හිටපු පාර්ලිමේන්තු මහලේකම්තුමා දන්නවා. එතුමා තමා මෙතුමියට පාස්පෝට් එක දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ ඉල්ලීමට තමා හිටපු පාලකවරයා පිළිතුරු ලියන්නේ මෙතුමියට පාස්පෝට් දෙන්න බැහැ. මෙතුමිය ලංකාවේ පුරවැසිභාවය අරගෙන නැහැ කියන එක. එතකොට කතානායක තුමත් දැනගෙන හිටියාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා.

තමුන්නාසේලා සියලු දෙනාම මෙතුමිය ආරක්ෂා කරා. මෙතුමිය පාවිච්චි කරා. මට නම් හිතෙන්නේ ඩයනාව තමුන්නාසේලා ඔක්කොම අවභාවිතා කරා. ඒ අවභාවිතා කරේ මොකටවත් නෙවේ සමගි ජන බලවේගයට ගහන්න….”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved