Connect with us

පුවත්

20ක් අනිවාර්ය නිවාඩු යැවූ ඇමති තෙල් ගැන කලබල වෙන්න එපා කියයි

Published

on

අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. 

එහිදී අමාත්‍යවරයා ඉන්ධන හිඟයක් ඇති වේයැයි කිසිදු කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

නැවත වතාවක් පෝලිම් යුගයක් වෙත ජනතාව රැගෙන නොයන බවට ද ඔහු පොරොන්දු විය.

මේ අතර වසර 4කට පසුව ඉහළම සංචිත ප්‍රමාණයක් ඉන්ධන වශයෙන් ලංකාව සතුව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කලබලයක් ඇති කරගන්න එපා ඉන්ධන හිඟයක් ගැන. අපි ඉන්ධන හිඟයක් ඇති වෙන්න කටයුතු කරන්නේ නෑ…බොහෝදෙනෙක්ට මාර්තු අප්‍රේල් වෙද්දි මේ අත්දැකීම තිබුණා අපිට තිබුණේ ඉන්ධන පෝලිම අත්දැකීම‍. ඒ අවුරුද්දකට පස්සේ, ඉන්ධන පෝලිම නැති කරගෙන, අඛණ්ඩව විදුලි බලය ලබාදෙමින් මේ රටේ සංවර්ධනය ඉදිරියට යන මොහොතක නැවත වතාවක් පෝලිම් ඇති කිරීමට, හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්න අපි දෙන්නේ නෑ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කලබල වෙන්න එපා. අපේ සංචිතවල මම විශ්වාස කරනවා අවුරුදු 4ක – 5ක කාලය තුළ තිබුණු ඉහළම සංචිත ප්‍රමාණය ඉන්ධන වශයෙන් මේ වනවිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙත්, ලංකා IOC සමාගම තුළත් තියෙනවා. ඇනවුම් කරලා තියෙනවා අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන්. එයට අවශ්‍ය මුදල් ටික අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා කිසිම ආකාරයක බියක් පළ කරගත යුතු නෑ ඉන්ධන හිඟයක් පිළිබඳ. ඊයේ දවසේ කාරණා කිහිපයක් තියෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාව නිසා යම් බියකට ජනතාව පත්වුණා. දෙවැනි කාරණාව ඉන්ධන පිරවුම්හල්හිමියනුත් කොටසක් ඉන්නවා ඉන්ධන මිල වෙනස් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක. අප්‍රේල් මාසයේ මිල සංශෝධනයක් කළ යුතුයි. ඒ අනුව අප්‍රේල් මාසයේ සංශෝධනය බලාපොරොත්තුවෙන් අලාභයක් හේතුවෙන් ඇනවුම් නොකර ඉන්නවා. ඔවුන් ගිවිසුම් ගත වෙලා ඉන්නෙත් ඔවුන් පවත්වාගෙන යා යුතුයි අවම ඉන්ධන තොගයක් ඔවුන්ගේ ගබඩා තුළ. ඒ නිසා ඒක පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලා නැවත වතාවක් ඉල්ලනවා. ඇනවුම් සිදුකරන්න ඒ අනුව අපිට බෙදාහැරීම සිදුකරන්න පුළුවන්. පොලීසිය, විශේෂ කාර්ය බළකායේ සහාය යටතේ මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා…”

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved