Connect with us

පුවත්

කංචන, CID පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

පසුගිය 28 වැනිදා කොළොන්නාව ඛනිජ තෙල් නිමාව තොග ගබඩා පර්යන්තයේ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනය කරන මෙන් විදුලි හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත යොමුකළ එම ලිපියේ දැක්වෙන්නේ කොළොන්නාව නිමාව අසළ උපවාසයේ නිරත පිරිසක් බලහත්කාරයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන ආරක්ෂිත කලාපයට ඇතුලු වී එහි සේවකයින් බියවද්දා පළවා හැර ඇති බවත්, අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මණ්‍ය කිරීමට කටයුතු කළ ඔවුන් ඉන්ධන බෙදා හරින නල පද්ධතියට හා ස්වයංක්‍රීය දත්ත පද්ධතියට ද හානිකිරීමේ උත්සාහ ගෙන තිබූ බවත්ය.

එම කඩා වැදුණු පිරිසට වෘත්තීය සමිති නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දී නිවාඩු ලබා ගෙන සිටින සේවකයින් හා දැනට සේවයේ නොමැති විශ්‍රාමිකයින්ද ඇතුළත් බව සඳහන් වේ.

අදාළ කඩාකප්පල් ක්‍රියාව හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුවූ අතර ඉන්ධන පෝලිම් ද ඇති වූ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් සිදු වූ පාඩුව අදාළ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved