විශේෂාංග
සංගීත් නිපුන් සනත් දැයෙන් සමුගනියි (ඡායා)
Published
2 years agoon
By
editor
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.
ඒ මහතා පසුගිය අඟහරුවාදා (මාර්තු 28) දිවි සැරිය නිමා කරන විට 81 වන වියේ පසු විය.
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස ද කටයුතු නන්දසිරි මහතා මෙරට සුභාවිත සංගීතයට පණ පෙවූවකු සේ සැලැකේ.
ඔහුව විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ “වාග්ගේයකරුවෙකු” ලෙස ය.
සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට රසික හදවත් දිනූ කලාකරුවෙකි.
පෞද්ගලික තොරතුරු
1942 වසරේ පෙබරවාරි 15 වන දා ගොතටුවේ දී උපන් සනත් නන්දසිරි, ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයයෙන් සහ සාන්ත මැතිව්ස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
සනත් නන්දසිරි, විල්ෆ්රඩ් පීරිස් යටතේ මුල් කාලයේ දී සංගීතය හදාරා ඇති අතර පසුව හේමතිලක දයාරත්න යටතේ ශාස්ත්‍රීය සංගීතය හදාරා තිබේ. ඔහු තබ්ලා වාදනය හදාරා ඇත්තේ මහේෂ් සින්නයියා සහ වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස්ගෙනි.
1955 වසරේ දී ඔහු ජාතික ගුවන්විදුලියට සම්බන්ධ වී ඇත.
අනතුරුව 1960 වසරේ දී ලක්නව් නුවර පිහිටි භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීම සඳහා ඉන්දියාව බලාගිය ඔහු, එහි සිටි විශිෂ්ට ආචාර්යවරුන් යටතේ ශිල්ප හදාරා 1966 වසරේ දී ගායනයට සහ තබ්ලා වාදනයට විශාරද උපාධි දෙකක් ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය.
මහාචාර්ය සනත් නන්දසිරි 1992 වසරේ දී සංගීත් නිපුන් උපාධිය ලබා ගත්තේය.
1971 වසරේ දී විශාරද මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුගේ දියණිය විශාරද අනුරාධා නන්දසිරි ය.
සංගීත ක්ෂේත්රයට කරන ලද මෙහෙවර
එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා, පෙමාතුර හැඟුම්, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ, එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, ලස්සන නම් නෑ පෙනෙන්නේ, මේ ප්‍රථම වසන්තය යි, හිච්චි නගේ, දඟකාර ඔය දෑස, කවුරුදෝ අර කවුළුවෙන්, දූ අනුරාධා, මගේ රටට දළදා හිමි සරණයි, නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, බෝ මළුවේ මල් සුවඳක පැටලී ආදී ගීත ඔහු ගැයූ අතිශය ජනාදරයට පත් වූ ගීත අතර වේ.
1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ‘අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ,’ යන ගීතය ගයන ලද්දේ මහාචාර්ය සනත් නන්දසිරි විසිනි. ඔහු විසින් රචනා කරන ලද ගීත ගොන්නක් අතර ‘බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ’ යන ගීතය අදට ත් රසිකයින්ගේ සිත් ස්පර්ශ කරන ගීතයකි.
ගුවන්විදුලිය, සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ සංගීත නිර්මාණ කාර්යයන්ගෙන් හැඩවුණු බව විචාරකයින්ගේ අදහස ය.
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, ධර්මදාස වල්පොළ, සුජාතා අත්තනායක, ගුණදාස කපුගේ, නන්දා මාලිනී, නිරංජලා සරෝජනී, අබේවර්ධන බාලසූරිය, මල්කාන්ති නන්දසිරි වැනි මෙරට අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ගායක ගායිකාවන් රැසකට ඔහු අතින් ගී තනු නිර්මාණය විය.
1974 වසරේ දී මහාචාර්ය සනත් නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ස්වර්ණ කුණ්ඩල’ පැවැත් වූ අතර, ඔහුගේ පළමු ගී තැටිය එම නමින් ම පසුකාලීනව නිකුත් විය.
2019 වසරේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ඔහු ‘ජනාභිමානී ගෞරව සම්මානයෙන්’ පිදුම් ලැබී ය.
සනත් නන්දසිරි මුල් වරට ගීතයක් ගයා ඇත්තේ 1947 වසරේ දී ය. ඒ, ඔහුගේ වැඩිමල් සොහොයුරිය වූ ඊඩා සමග ය. “යමුනා යමුනා සෝබන ගංගා” ගීතයේ තනුවට “පායා පේනා චන්ද්‍රා පේමා” නම් යුග ගීතය ඔහු එලෙස ගයා තිබේ.
එතැන් පටන් මේ දක්වා ඔහු ගීත 140කට අධික සංඛ්‍යාවක් ගයා ඇත.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති
සංගීත උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු 1969 වසරේ දී විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසින් ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගනු ලැබ තිබේ.
එතැන් පටන් පැමිණි ගමනේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යනාංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ ප්‍රථම සංගීත පීඨාධිපති ලෙස පත් වන්නේ ය.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස කටයුතු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ අභාවයෙන් පසු 2016 වසරේ දී එම ධුරය සඳහා මහාචාර්ය සනත් නන්දසිරි පත්විය.
ඒ, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ තෙවන කුලපති ලෙස ය.
ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්රයට කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ඔහු ගෞරව මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබී ය.
“සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බැහැ” – අභිෂේකා විමලවීර
“අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්,” එසේ පවසන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ නව පරපුරේ ගායන ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
මහාචාර්ය සනත් නන්දසිරිගේ අහිමිවීම කෙතරම් ද යන්න කිසිවෙකුටත් “විස්තර කළ නොහැකි” බව ඇය පැවසුවේ තම පළමු සංගීත ගුරුවරයා වූ ඔහු පිළිබඳව අතීතාවර්ජනයක ද යෙදෙමිනි.
“අවුරුදු 10ක පුංචි ළමයෙක් මම, මට මේ සනත් නන්දසිරි කියන දැවැන්ත මනුස්සයා මුණගැහෙද්දී. මාව එක්කන් ගියා තාත්තා නුගේගොඩ සර් ගාවට. මම පුංචි නිසා ම නෙවෙයි, මට ඒ ගෙදර පෙනුනෙත් මාළිගාවක් වගේ. මහා දැවැන්ත, මහා තේජාන්විත හඬක් වගේ පෞරුෂයක්. මුළු ඇඟෙන් ම රැස් විහිදෙනවා. මම එතුමාව මුලින් ම දැක්කා ම හිතුනේ ඒකයි. ඊට පස්සේ කිව්වා පුතේ මට සිංදුවක් කියලා පෙන්නන්න කියලා. මම ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’ සිංදුව කිව්වා. කිව්වට පස්සේ මාව ප්‍රවේශිකා පන්තියට දාන්නේ නැතුව කෙලින් ම ප්‍රථමා පන්තියට දැම්මා. ගායනය කියන්නේ, සංගීතය කියන්නේ, ගරු කරන්න ඕනේ දෙයක් කියලා කියලා දුන්නා.”
ඇය සඳහන් කළේ සංගීතය යනු, “තරගයක් නොවන බව” ඔහු සැම විට ම තම ශිෂ්‍යයින්ට කියා දුන් බව ය.
“එතුමා බිහි කරපු ගෝල බාලයෝ එතුමා බලාපොරොත්තු වුණ විධියට ම එතුමාගේ සංගීත දැනුම සංගීතයේ සුවඳ ලංකාවේ හැම තැනකට ම අරන් යයි. ඒ වගකීම මම එතුමා වෙනුවෙන් කරනවා මමත් එතුමාගේ ගෝලයෙක් විධියට. මම හිතෙන්නේ එතුමාගේ අහිමිවීම කොයි තරම් පාඩුවක් ද කියලා කියන්න අපි කාටවත් ම බැහැ. මම හිතන්නේ සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් ලංකාවෙන් ලෝකෙන් හොයා ගන්න බැහැ. අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්.”
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරට ත් මෙසේ පැවසුවා ය.
“ජ්‍යෙෂ්ඨයන් නවකයන්ව පාගලා දානවා කියන යුගයක, ජ්‍යෙෂ්ඨයන් අලුත් අයට ඉදිරියට එන්න අවස්ථාවක් නොදෙනවා කියන යුගයක, එක ම පිරිසක් වටා තමන්ට වඩා අඩු දක්ෂයින් පිරිසක් විතරක් තරුණ පරම්පරාව විධියට ඉස්සරහට ගේන්න හදන ප්‍රවීණයන් පිරිසක් ඉන්නවා කියන යුගයක, ඒ කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කරන පෞරුෂය මහාචාර්ය සනත් නන්දසිරි.”
මහාචාර්ය සනත් නන්දසිරි විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය තුළ මෙන් ම ඉන් පිටත ද බිහිකරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන අති විශාල ය. ගී පද රචකයින් ගණනාවක් බිහි කිරීමට ද ඔහු දායක වුණු බව විචාරකයින්ගේ අදහස යි.
“ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්” – මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර
“සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපතිව සිටි මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවා අභාවප්‍රාප්ත වීම අතිශය ශෝකාකූල කාරණයක්,” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ද මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැයූ ගී ලියූ ගේය පද රචකයෙකි.
ඔහු සඳහන් කළේ, නව පරම්පරාවට තනු නිර්මාණයකර දීම මෙන් ම, නව ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් පිරිසක් මහාචාර්ය සනත් නන්දසිරිගේ ආශ්රයෙන් බිහි වූ බව ය.
“ඒ පාඩුව අපිට දරාගන්න අමාරු යි. ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්. ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියටත් එහෙම යි. තනු නිර්මාපකයෙක්, සංගීතවේදියෙක්, ඒ වගේ ම අලුත් පරම්පරාවකට තනු නිර්මාණයකර දීමත්, සංගීත නිර්මාණයකර දීමත්, අලුත් ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් ඔහු වෙතින්, ඔහුගේ ආශ්රයෙන් බිහි වුණා. කිසි ම ලෝබකමක් නැතුව තමන්ට නිර්මාණය කරන තනු වෙනත් අයට ත්, අලුත් වේවා, ප්‍රවීණ වේවා, ඔහුට ඒ පිළිබඳව ගැටලුවක් තිබුණේ නෑ. මුදල් මුල් කර ගෙන නෙවෙයි ඒ තනු නිර්මාණය කළේ.”
මහාචාර්ය සනත් නන්දසිරි එවකට සංගීතය ඉගැන්වීම් කටයුතුවල යෙදුණු ආකාරය ද ආවර්ජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මෙසේ පැවසීය.
“මනුස්සකම් අතින් අපි දැකලා තියෙන, බොහෝ ම උදාර ගති තියෙන, සත් පුරුෂ ගුණ තියෙන පුද්ගලයෙක්. කාගේ දුකේ දී සැපේ දී ඉස්සෙල්ලා ම පැමිණෙන පුද්ගලයෝ සනත් නන්දසිරි – මල්කාන්ති නන්දසිරි යුවළ. විශාරද අනුරාධා නන්දසිරිටත් උගන්නන එක ම සංගීතය තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ගුරුමුෂ්ටි තබා ගන්නේ නැතුව එතුමා හැම වෙලාවේ ම ලබා දුන්න හැටි අපිට මතක යි. එක ම පැදුරේ වාඩි කරලා, දුව කියලා වෙනසක් නැහැ.”
ඔහු පෙන්වා දුන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි “උසස් රසිකත්වයක්” ලබා දීමට ක්‍රියා කළ කලාකරුවෙකු බව ය.
මහාචාර්ය සනත් නන්දසිරි “සංගීතය, තනු නිර්මාණය, වාදනය, රචනා කිරීම ගායනා කිරීම ආදී හැම අතකින් ම පූර්ණත්වයට පත් කෙනෙකු” බැවින් ඉන්දියානු සංගීත ක්‍රමය අනුව ඔහු “වාග්ගේයකරුවෙකු” ලෙස හැඳින්විය හැකි බව බීබීසී සිංහල සේවය සමග තවදුරටත් අදහසක් දැක්වූ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය.
“ඉතින් එතුමාගේ වියෝවීම අපිට හරි දුකක්. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා, එනවා වගේ ම අපි කාටත් නික්මිලා යන්න වෙනවා. ආව විධියට වඩා සත්පුරුෂයෝ හැටියට ලෝකයට සේවය කරලා නික්මිලා යන්නට තියෙනවා නම්, ඒක තමයි උතුම් වන්නේ. සනත් නන්දසිරි කලාකරුවා, එබඳු විශාල වැඩ කොටසක් රට, ලෝකේ වෙනුවෙන් කරලා නික්මිලා ගියා,” ඔහු වැඩිදුරට ත් පැවසීය.
මූලාශ්‍රය – බීබීසී සිංහල













මහා මැතිවරණයේ දී 61.56% ක් වූ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය මේ දක්වා (උදේ 8.40 ට) ප්‍රකාශිත ප්‍රතිඑල අනුව 43% දක්වා පහත වැටී ඇත. ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ ඉන් අඩකට ත් අඩු 20% ක් පමණී. පොහොට්ටුව 10% ට කි.
මාස හතරකට පෙර, මඩකලපුව හැර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ජයගත් මාලිමාවට එයට හාත්පසින්ම වෙනත් ඉරණමක් අත්වී ඇත.
2015 දී ලංකාවේ දේශපාලන විප්ලවයක් සිදු විය. යුද්ධය ජයගත් ‘දියසෙන් කුමාරයා’ වූ මහින්ද රාජපක්ෂ පරාජය කර, එදා එජාප + ජනතා විමුක්ති පෙරමුණ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන බලය ගත්තේය.
අනුර කුමාර දිසානායක, ඒ මෛත්‍රීපාල සිරිසේන ගේ විප්ලවය පරදවන දේශපාලන විප්ලවයක් සිදු කළේය. ගත වූයේ මාස 7 කි. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වී දවස් 227 කින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහත වැටී ඇත.
යහපාලන ආණ්ඩුව බලයට පත්වී, මේ හා සමාන පිරිහීමකට ලක්වන්නට 2015 සිට 2018 දක්වා වසර තුනක් ගත විය. මෛත්‍රී ගේ පාලනයේ වසර 3 කින් පසු බැසි ප්‍රමාණය, දින 227 කින් ජජාබට ලැබී ඇත.
ජනතාවට ‘දකුණු බලවේගය’ පාඩමක් උගන්වා ඇත. රනිල් – සජිත් බෙදීම ජනතාවට වැදගත් නැත. සජබ හා එජාපය තනි ලැයිස්තුවක් දමන්නට හැකිවූයේ නම්, මේ දක්වා නිකුත් කර තිබූ ප්‍රතිඑල අනුව, කොට්ඨාශ 63 කින් (පෙ.ව 8.40 ට ලැබී ඇති ප්‍රතිඑල අනුව) ජාජබ පරාජයට පත් වන්නේය.
රටක් විදිහට වඩාත්ම බලපෑම්කාරී ද, ආකර්ෂනීයම වූ ද සාධකය වූ උතුර ජයගත් ජාජබ මෙවර සිව්වන/පස්වන ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර මුස්ලිම් බහුතරය ජීවත්වන කලාප සියල්ල එජාප+ සජබ බලවේග සමඟ දේශපාලනය කරන පක්ෂ විසින් ජයගෙන ඇත. (අම්පාර ත්‍රිකුණාමය සිංහල ගම් ජාජබ දිනා ඇත)
මෙවර ඡන්දයේ දී 2018 දී පොහොට්ටුව ලැබූ ඡන්ද ප්‍රමාණය/සභික සංඛ්‍යාව අද මාලිමාව ලබා ඇති ප්‍රමාණයට අනුරූපී ය. ජනතාව 2018 දී පොහොට්ටුවේ ආකර්ශනීය පොරොන්දුවලට වශීකෘත වූවේය. එය 2019 දිනන්නට හේතු විය.
ජනතාව 2024 දී අනුර දියසෙන් කුමාරයා සේ ද, තඹුත්තේගම කුමාරයා ඉදිරියේ දණ නැමූ කඩොල් ඇතු ද, රාජ්‍යත්වයට වඩම්මමනු ලැබුවේය. දවස් 227 කින් එය බලවත් අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.
දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට කොට්ඨාශ බහුතරයක් දිනා ගැනීමට මාලිමාවට හැකිවී ඇත. පළාත් පාලන ආයතනය රැසක ආණ්ඩුව හා විපක්ෂය හරි හරියට සිටී. පලාත් පාලන කොමසාරිස්වරුන්ට සභාවෙන් සභාවට ගොස් සභාපති/උප සභාපති පත් කිරීමට සිදුවේ. විපක්ෂයේ සභික සංඛ්‍යාව එක මිටට තබා ගැනීම ම අභියෝගයකි. සභාපති ධූරයකට පත් කර ගැනීම නායකත්ව ගුණාංගයක් සහිත පුද්ගලයින් සිටී නම් විපක්ෂයට එහි වාසිය ලැබෙන්නේය. මාලිමාවට පැහැදිලි ජයග්‍රහණ (50% ඉක්මවූ සභික සංඛ්‍යාවක්) තවමත් ලැබී ඇත්තේ ආයතන 94 ක පමණී.
ප්‍රධාන විපක්ෂය සාර්ථකත්වයක් ලබා ඇත්තේ දක්ෂ සංවිධායකවරුන් සිටින සීමිත කලාපයක පමණී. සජබ 20% ක් ලබා (ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සහිත ප්‍රධාන විපක්ෂ කණ්ඩායම) බවට පත්වී ඇත. ආණ්ඩුව නොව ලොකුම පරාජයලබා ඇත්තේ සජබ යි. එජාප හා සජබ එක කණ්ඩායම් ඉදිරිපත් කළේ නම් මේ දක්වා ප්‍රතිඑල නිකුත් වී ඇති තැන්වන පමණක් තවත් කොට්ඨාශ 32 ක් ජයගැනීමට ඔවුන්ට හැකි වන්නේය. සජබ පූර්ණ ප්‍රතිසංවිදනයක් හෝ නායකත්ව වෙනසකට කාලය පැමිණ ඇත.
දකුණේ නාගරිකය දිනන්නට විපක්ෂයට හැකිවී ඇත. සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ගෙඩිය පිටින් මාලිමාවටය. පොහොට්ටුව ශක්තිමත් වූ සෑම තැනකම විපක්ෂයේ බලය වැඩිවී ඇත. පැහැදිලි ලෙසම මාලිමාවේ කොටසක් නැවත පොහොට්ටුවට ගියා විය යුතුය.
ජනතාවට අවශ්‍ය කතාව නොව තමන්ට දුන් බලාපොරොත්තු ඉටුකිරීමය. ඇත්තේ ටික් ටොක් ලෝකයකි. ඇගිල්ලෙන් පෝස්ට් වෙනස් කරන්නා සේ, චැනල් මාරු කරන්නා සේ වෙනස්කම් පතන ලෝකයකි. කතාවට වඩා වැඩ පෙන්වන පාලනයක් අවශ්‍ය ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිතා කෙරෙන තීන්දු ගැනීමේ ක්රමයකි. නූතන ප්රජාතන්ත්රවාදයට අනුව ව්‍යවස්ථාදායකයට, විධායකයට සහ අධිකරණයට මෙන්ම කලාපීය සහ පළාත් පාලන ආයතනවලට සාමාජිකයන් පත් කරන යාන්ත්‍රණය මෙයයි. මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයන් සහ ජන රජයන්වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් සාදන රජයකට නෛතික බලය හිමිවන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීමය.
ලංකාව තුළ ජනමත විමසුමක් ඇතුළු ප්‍රධාන පෙළේ මැතිවරණ හතරක් තිබේ. එනම් ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පළාත් සභා ඡන්ද විමසීම සහ පළාත් පාලන ඡන්ද විමසීමයි. මේ සියල්ල හරහාම සිදුවන්නේ ජනතාවගේ බලය මතුවීමක් විය යුතුය.
නූතන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අයිතිය පවතින්නේ ජනතාව සතුව යැයි පිළිගැනීමක් පවතී. රාජ්‍යයේ ඉහළම අයිතිය හෙවත් පරම අයිතිය ජනතාව සතුව පවතින්නේ යැයි යන අදහසින් ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය බිහි වී ඇත. ජනතාවට රාජ්‍යයක අයිතිය පවතින්නේ යැයි සාමාන්‍යයෙක් පැවසුවද, සැබවින්ම රාජ්‍යයක අයිතිය පවතින්නේ පුරවැසියන්ටය.
ජනාතවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කොටස වන පාලන බලතල සැබවින්ම ජනතාව විසින් ක්‍රියාවට නගන්නේ නැත. පාලන බලතල වල එක් අංගයක් වන ව්‍යවස්ථාදායක බලය එනම් නීති සෑදීමේ බලය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත්කරගත් මහජන නියෝජිතයන් මගිනි.
පාලන බලතලවල විධායක බලය ක්‍රියාවට නඟනු ලබන්නේ මහජන නියෝජිතයන්ගෙන් සහ ජනතාව විසින් වැටුප් ගෙවනු ලබන නිලධාරීන් විසිනි.
පාලන බලතලවල අනෙක් අංගය වන අධිකරණ බලය ක්‍රියාවට නඟන්නේ ස්වාධීන අධිකරණයක් විසිනි.
නමුත් පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලය පුරවැසියන් විසින් සෘජුවම භාවිතා කරමින් ව්‍යවස්ථාදායක සහ විධායකය සඳහා අවශ්‍යවන ජනතා නියෝජිතයන් පත්කර ගනියි. එසේම මානව හිමිකම් ද ජනතාව විසින් සෘජුවම භාවිතා කරයි.
පාලන බලතල යනු රාජ්‍යයක් මෙහෙයවීමේ බලයයි. රාජ්‍යයක් පාලනය කිරීමේ අංශ 3ක් ඇත.
එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ වශයෙනි. ඡන්දය බලය යනු පාලනය සඳහා තමන් කැමති පුද්ගලයන් තෝරා ගැනීමේ බලයයි. මානව හිමිකම් යනු පාලන බලතල භාවිතා කරන්නන් විසින් සිදුකරනු ලබන අසාධාරණයන්ට එරෙහි වීමට පුරවැසියන්ට පවතින නීතිමය රැකවරණයයි. මේ අනුව පරමාධිපත්‍යය කොටස් තුනකින් යුක්ත වූ බව සඳහන් කළද සැබවින්ම එහි අංග පහක් ඇති බව පැහැදිලිය. එනම් විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ඡන්ද බලය සහ මානව හිමිකම් වේ.
රාජ්‍යයක පරමාධිපත්‍යය පවතින්නේ ජනතාව තුළය. එසේම පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන පාලන බලතල ක්‍රියාත්මක කරන්නේ සෘජුවම ජනතාව විසින් නොවේ. පාලන බලතල ක්‍රියාවට නඟන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයන් සහ ඔවුන් විසින් පත්කරන නිලධාරී මණ්ඩලයක් විසිනි. එබැවින් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ඡන්දය යනු ජනතාවට පාලන බලතල සඳහා සිය නියෝජිතයන් තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවයි. එසේම එය පාලන බලතල සඳහා ජනතාවගේ බලපෑම පෙන්වීමට ලැබෙන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.
ඡන්දය සහ ප්රජාතන්ත්රවාදය පිළිබඳව මහජනතාවට එතරම් අවබෝධයක් නැත. බහුතරයක් පුද්ගලයන් තමන්ගේ ඡන්දය පාවිච්චි නොකරන්නේ එබැවිනි.
ජනතාව විසින් ජනතාව උදෙසා ජනතා සහභාගිත්වයෙන් පවත්වන පාලනය ප්රජාතන්ත්රවාදී පාලනය ලෙස හඳුන්වයි. ප්රජාතන්ත්රවාදී පාලනයකදී ජනතාවගේ අවශ්‍යතා මත පදනම්ව රාජ්‍යයක් පාලනය කිරීම සිදුවේ. ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධානතම මෙවලම වනුයේ මැතිවරණයන්ය. එබැවින් නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ප්‍රධාන අංගයක් වේ.
මේ මොහොතේ අප අවබෝධ කරගත යුත්තේ පළාත් පාලන සභිකයාගේ භූමිකාවය.
පළාත් පාලන ආයතනයන් වන මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල අරමුණ වන්නේ ප්‍රාදේශීය සංවර්ධනයයි. ඒ සඳහා අවශ්‍ය වන අනු නීති සකස් කිරීම, සංවර්ධන සැලසුම් සකස් කිරීම, අයවැය සම්පාදනය, මහජන උපයෝගිතා සේවාවන් පවත්වා ගෙන යෑම, මහජන සෞඛ්‍ය ආරක්ෂාව ආදිය පළාත් පාලන ආයතනයක ප්රමුඛ කාර්යයන් වේ. එබැවින් පළාත් පාලන ආයතනයක සභිකයකුට අදාළ බල ප්‍රදේශය පිළිබඳ හොඳ දැනීමක් මෙන්ම මනා මහජන සබඳතාවක් ද පැවතිය යුතුය. ඔහු ජනතාව සමග නිරන්තරයෙන්ම සම්බන්ධ පුද්ගලයකු විය යුතුය. ප්‍රාදේශීය වශයෙන් නාගරික වශයෙන් සමස්ත ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගන්නා පුද්ගලයෙක් විය යුතුය.
මහජනතාව නොදන්නා කාරණය නම් තමන්ගේ පෞද්ගලික ආපදාවකදී ස්වභාවික ආපදාවක් හෝ වෙනත් (නාය යෑමක් ගස් කඩා වැටීමක්, කාණු පද්ධතියේ සිරවීමක් ජල ගැල්මකදී නිරන්තරයෙන් සිදුවන හදිසි ආපදා ක්‍රියාවලියක්) මෙවැනි අවස්ථාවකදී ඊට පස්සේ විසඳුම් සෙවීම සඳහා මූලිකවම ඉදිරිපත් වන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයාය.
මහජන නියෝජිත භූමිකාව අවබෝධ කරගනිමු
මැතිවරණයකදී අපේක්ෂකයකුට මනාපය ප්‍රකාශ කිරීමේදී අදාළ කාර්යය භාරය ඉටුකිරීමට වඩාත් සුදුසු අපේක්ෂකයා තෝරාගත යුතුය. එහිදී හුදෙක් කථිකත්වය, කඩවසම් බව, දේශපාලන ඥාති සබඳතාව, ධනය, වියදම් කිරීමේ හැකියාව, මරණ ගෙවල් සහ මඟුල් ගෙවල්වලට සහභාගි වූ ප්‍රමාණය, ආධාරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම් ආදී කරුණුවලට වඩා අදාළ මහජන නියෝජිතයාගෙන් සැබවින්ම අපේක්ෂා කරන භූමිකාවට අදාළ කටයුතු ඉටුකිරීමට ඔහු/ඇය කෙතරම් ශක්තතාවක් දක්වයි ද යන්න සිතා බැලීම රටේ අනාගතය සඳහා ඉතා වැදගත්ය.
මේ අනුව ඡන්දය භාවිතා කිරීම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක අත්‍යවශ්‍ය අංගයක් මෙන්ම එය ජනතා පරමාධිපත්‍ය මෙන්ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රායෝගිකව ක්‍රියාවට නඟන මහඟු ක්‍රියාවක් බව අවධාරණය කළ යුතුය. එසේම එම තම ඡන්දය සහ මනාපය ලබාදීමේදී මහජන නියෝජිතයාගෙන් අපේක්ෂා කරන භූමිකාව නිවැරදිව අවබෝධ කරගෙන ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු පත් කර යැවීම ඡන්ද දායක වගකීමක් ද වේ.
මැතිවරණයෙන් පසු ඡන්දදායක භූමිකාව
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ඡන්දදායක වගකීම් අවසන් නොවේ. තමන් ඡන්දය සහ මනාපය ලබාදුන් දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් නිවැරදිව කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමසිලිමත් වීම සහ මැතිවරණ සමයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිළිබඳව සොයා බැලීම සහ ඒ සඳහා පෙළඹවීම් සිදුකිරීමද ඡන්ද දායක වගකීමකි. එය හුදකලාව හෝ සංවිධානාත්මකව සිදුකළ හැකිය. විශේෂයෙන්ම ජනතා අපේක්ෂා පසෙක ලා දේශපාලනය සිය පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යොදවන්නේ නම් එයට එරෙහි වීමද ඡන්දදායක වගකීමකි.
ඡන්දය භාවිතා කිරීම සේම භාවිතා කරන ඡන්දය නිවැරදි වීමද රටට හොඳ නායකයකු පත්කර ගැනීමට වැදගත්ය. සෑම මැතිවරණයකදීම ඡන්ද විමසීමකදීම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය ඉහළ අගයක් ගැනීම අවසන් ප්‍රතිඵලයට හානි කර තත්ත්වයක් වන නිසාය.
ඉකුත් පැවති මහ මැතිවරණයේදී, මුළු ඡන්දවලින් 5.65%ක් ම ප්‍රතික්ෂේප වූ ඡන්ද විය. එය 1989 සිට ඡන්ද ප්‍රතික්ෂේප වූ තෙවන ඉහළම අනුපාතය සනිටුහන් කර තිබිණි. වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ, 2010 මහ මැතිවරණයේදී ය.
සංසන්දනාත්මකව ගත් කල, මහ මැතිවරණයට වඩා වැඩි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණු 2024 ජනාධිපතිවරණයේදී, ඡන්ද ප්‍රතික්ෂේප වීමේ අඩු ප්‍රවණතාවක් පෙන්නුම් කළ අතර එය 2.2%ක පමණ අගයක පැවතියේ ය.
ජනාධිපතිවරණයේදී සියයට 79 ක සහභාගිත්වයක් දක්නට ලැබුණු අතර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 දක්වා පහත වැටිණි.
පසුගිය මහ මැතිවරණයේදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව වාර්තා වූයේ නුවරඑළිය, යාපනය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලිනි. 2020 මහ මැතිවරණයේදී ද එවැනිම ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර එහිදී වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙම දිස්ත්‍රික්ක තුන ඉහළින්ම පැවතිණි.
පසුගිය මැතිවරණ නවයෙන් හයකදීම වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සහිත දිස්ත්‍රික්ක තුන අතරට නුවරඑළිය පත්ව තිබේ. පසුගිය මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය තුළ වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වලපනේ ඡන්ද කොට්ඨාසයෙන් වන අතර, හඟුරන්කෙත, නුවරඑළිය – මස්කෙළිය සහ කොත්මලේ යන ඡන්ද කොට්ඨාස ඉන් පසුව වැඩිම ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වුණු ප්‍රදේශ විය.
අවසන් ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප විය. එය ප්‍රතිශතයක් ලෙස 2.2% කි.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්ය.
2024 මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් 1,71,40,354 ක් සුදුසුකම් ලබා සිටියත්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 1,18,15,246ක් ලෙස දැක්විය. ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. එහිදී ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 ක් වූ අතර, වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් විය. ඒ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමකදී මෙම තත්ත්වය තවදුරටත් වෙනස්වන සහ වෙනස් වූ බව සංඛ්‍යා දත්ත මගින් අනාවරණය වෙයි. තමන්ගේ ප්‍රාදේශිකයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට පනහ ඉක්මවූ අවස්ථා අල්පය. මේ තත්ත්වය සිදුවීමට ප්‍රබල ලෙසම බලපානු ඇත්තේ ප්‍රාදේශීය සභා නියෝජිතයකුගේ වටිනාකම මහජනතාව නොදන්නා බව නිසා විය යුතුය.
නීතියෙන් අවසර ලැබී ඇති සේවා සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමය. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව, සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම අවශ්‍ය වේ. අදාළ ප්‍රදේශවල ජනතාවගේ පහසුව සුඛවිහරණය හා යහපැවැත්ම වෙනුවෙන් සේවා සැපයීම ද අවශ්‍ය වේ.
පළාත් පාලන ආයතනය විසින් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සහ ක්‍රියාමාර්ග ගනිමින් නීති ක්‍රියාත්මක කරයි.
පරිපාලන හා නියාමන සේවා
මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ප්‍රවර්ධනය පාරිසරික ආරක්ෂාව පොදු මංමාවත් සහ පොදු සැපයුම් සේවා පවත්වාගෙන යෑම ආදිය සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුව ද පළාත් පාලන ආයතන හා සම්බන්ධ ව්‍යුහය හා ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය මධ්‍යම රජය යටතේම රඳවා ගනු ලැබිණ.
මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- මහ නගර සභා අඥා පනත (1947)
- නගර සභා අඥා පනත (1939)
- ප්‍රාදේශීය සභා පනත (1987)
මේ සියල්ලෙන් සිදුවන්නේ මහජන සේවය ඉටු වීමය. නමුත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් ක්‍රියාශීලී නායකත්වයක් පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට මහජනතාව උත්සුක වන්නේ නැත. ග්‍රාමීය සංවර්ධනයක් හරි හැටි ඉටු නොවන්නේ එබැවිනි. මෙවරද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහජනතාවගේ සහභාගිත්වයක් සාර්ථක ලෙස සිදු නොවුණහොත් සිදුවන්නේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට ඉඩක් නොලැබීමය. ඉන් සිදුවන්නේ වක්‍රාකාරව පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා පිළිබඳව රටේ අප්‍රසාදයක් ඇතිවීමය. මේ මොහොතේ රටේ ජනතාව කළ යුත්තේ තමන්ගේ ග්‍රාමීය නාගරික සංවර්ධනය සහ සුබ සෙත පිණිස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමය.
පුංචි ආණ්ඩුවක බලය
ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස යෙදවීමට අවශ්‍ය පසුබිම සැකසීමය. තමන්ගේ ඡන්ද අයිතිය හරිහැටි භාවිත කිරීමය. තමන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඡන්දය භාවිත නොකළ අයකු වුවහොත් ඔහු හෝ ඇය තමන්ගේ ග්‍රාමීය නාගරික ආර්ථික සංවර්ධනය සමාජ සංවර්ධනය සඳහා තමන්ගේ දායකත්වය නොදැක්වූ අයෙකු ලෙස සිහි තබාගත යුතුය. මන්ද තමන් විසින් ඊට සුදුසු නියෝජිතයකු පත් කිරීමට දායක නොවූ බැවිනි.
සමන්ති වීරසේකර
– දිවයින –

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ.
ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළේ 1993 වසරේදී ය.
ඒ 1986 දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ කොලොම්බියානු මාධ්‍යවේදි ගිලෙමො කානෝ අනුස්මරණය කරමින් ය.
ජීවිත අවදානමද නොතකමින් එදිනෙදා ජිවිතයේ ප්රවෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදින් ඉටු කරන්නේ පුළුල් සමාජ වගකීමකි.
මාධ්‍ය නිදහසේ මූලික මූල ධර්ම ආරක්ෂා කිරීම, ලොව පුරා මාධ්‍ය නිදහස සඳහා පවතින වටපිටාව ඇගයීම මෙන්ම මාධ්‍යයේ ස්වාධීනත්වයට එල්ල වන ප්‍රහාරවලින් මාධ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුවලට සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදුවෙයි.
RSF World Press Freedom Index 2025 (ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය) හි ශ්‍රී ලංකාව රටවල් 180 කින් 139 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඉන් පිළිබිඹු කෙරෙන්නේ, ජනමාධ්‍ය කරණයේ යෙදීම සඳහා දැඩි කොන්දේසි හෝ ඉතා බරපතල පසුබිමක් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී එම දර්ශකයේ හිමිව තිබුණේ 150 වන ස්ථානයයි.
ඊට සාපේක්ෂව එම වසරේදී සාධනීය තත්වයක් පෙන්නුම් කර ඇත.
නෝර්වේ සහ එස්තෝනියාව ලෝක ජනමාධ්‍ය නිදහස දර්ශකය තුළ සාධනීය කොන්දේසි සහිතව ඉදිරියෙන් සිටින අතර චීනය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව ජනමාධ්‍ය නිදහසේ දරුණුතම පරිහානිය වාර්තා කළ රටවල් වේ.
ජනමාධ්‍යවේදීන්ට එල්ලවී ඇති ආර්ථික පීඩනය ද ප්‍රධාන ගැටලුවක් බව එම දර්ශකය පෙන්වාදෙයි.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී
Trending
-
පුවත්1 week ago
සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා
-
පුවත්2 days ago
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින්
-
පුවත්2 days ago
බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද?
-
පුවත්3 days ago
මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..?
-
පුවත්1 week ago
මහින්දට සැත්කමක්!