Connect with us

ව්‍යාපාර

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

Published

on



ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව රජය විසින් අනුගමනය නොකිරීමට තීරණය කර ඇති බව ‘ඩේලි මිරර්’ වාර්තා කරයි.

මෙරට කිරි නිෂ්පාදනය ස්වයංපෝෂිත කිරීම සඳහා සහ ඉහළ නැංවීම සඳහා පැවති රජය ඉන්දියාවේ  ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සහ අමුල් සමාගම වෙතින් සහය ඉල්ලා තිබුණි.

ඒ අනුව, ලංකා රජයට අයත් කිරි සමාගමක් වන මිල්කෝ සහ කිරි ගොවිපළවල් ඉන්දියාවේ අමුල් කිරි සමාගම විසින් ශ්‍රී ලංකා-ඉන්දියා හවුල් ව්‍යාපාරයකින් පවරා ගැනීමට නියමිත බවද වාර්තා විය.

අමුල් සමාගම ඉන්දියාවේ ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ හිමිකාරිත්වය යටතේ පවතින අතර එය මිලියන 3.6 ක කිරි නිෂ්පාදකයින් යටතේ දිවෙන සමාගමකි .

මේ සම්බන්ධයෙන් පසුගිය රජය මූලික ගිවිකට එළඹුණු අතර එවකට විපක්ෂය නියෝජනය කළ පක්ෂයක් ලෙස ලෙස ජාතික ජන බලවේගයට  අනුබද්ධ වෘත්තීය සමිති ඊට විරෝධය පළ කලේය.

ඒ අනුව, වත්මන් රජය පසුගිය රජයේ සැලැස්ම සමඟ ඉදිරියට නොයෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර, රජයට අයත් මිල්කෝ ආයතනය සහ එන්.එල්.ඩී.බී. ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.

“එන්. එල්.ඩී.බී. ගොවිපොළවල් සහ මිල්කෝ ආයතනය අමුල් සමාගමටත්, මෙරට තවත් සමාගමකටත් ලබාදීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරගෙන ගියා. ඊට එරෙහිව ගොවිජන සම්මේලනය විදියටත් විරෝධය පළ කරමින් ලොකු සටනක් කළා. ඒවාට සෘජුව මැදිහත් වූ අයකු ලෙස අපිට මේ ගැන අදහසක් තියෙනවා. මේක අඩු ලංසුවකට දෙන්න තීරණය කරලයි තිබුණේ. මේක ව්‍යර්ථ කළා. ඒවා කිසිවක් අදාළ ආයතනවලට දෙන්නේ නෑ.

මේවා සංවර්ධනය කරන්න ඕනෑ. ඒ සඳහා දේශීය ආයෝජකයින් හා ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීමට සාකච්ඡා කර කටයුතු කරනවා. කොහොමටවත් මේවා විදේශීය සමාගම්වලට දෙන්න කිසිම තීන්දුවක් අරගෙන නැහැ.”

පුවත්

ඇමරිකාව තුළ TikTok තහනම් කරයි

Published

on

By

එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ ‘බයිට් ඩාන්ස්’ නම් තාක්ෂණික සමාගමට අයත් ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය යෙදවුම ලොවපුරා අතිශයින් ප්‍රචලිත වූවකි.

2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධ විය.

ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමිනි.

මේ අතර චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් (TikTok) යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබුණි.

ඒ අනුව ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කෙරුණේ එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙසය.

නැතිනම් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට දැනුම් දී තිබුණි.

ඒ අනුව එම සමාගම එම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව තහවුරු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවයි.

කෙසේනමුත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම ට්‍රම්ප් පාලනයට භාරවනු ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බවය.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ‘එම තීන්දුව කුමක්දැයි බලාසිටින ලෙස’ ඔහු සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කරයි 

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරන ලදී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය ක‍ෙර‍ෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පි. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති, පැන් ගොන්‍ශ‍ෙන් මහතා ගිවිසුමට අත්සන් තැබීය.

Continue Reading

පුවත්

ජනපති සුප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා (ඡායා)

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ  ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය.

ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම  (Metallurgical Corporation of China Ltd),  හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ  විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත්  කළ ජනාධිපතිවරයා  රජයක් ලෙස ආයෝජකයින්ට  සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

යූ ලිං මහත්මිය – BYD සමාගමේ අධ්‍යක්ෂිකා
වං ටොංජෝ මහතා – චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) සභාපති
ෂ දායි මහත්මිය – චයිනා මර්චන්ට් සමූහය (CMG)
මා යොංෂන් මහතා – සයිනොපෙක් සභාපති
ජෙෆ් වාං – හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved