Connect with us

පුවත්

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේ උසාවි කැ‍‍දෙව්වට විනිසුරුවරිය වගඋත්තරකාරියක කරලා

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩිමිලට ඖෂධ 11ක් විකිණීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට කැඳවමින් නියෝග දුන් මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය අභියාචනාධිකරණය හමුවේ පෙරේදා (20) ගොනු කළ පෙත්සමක වගඋත්තරකාරියක ලෙස නම් කර ඇතැයි අධිකරණයේදී හෙළිවිය.

ඒ පසුගිය 21 වැනිදා අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී එම කරුණු අනාවරණය විය.

අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබූ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබූ අතර, එම පෙත්සමෙහි 8 වැනි වගඋත්තරකාරිය ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නම්කර ඇති බව එහිදී ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ‍ නීතිඥ ජීවන්ත ජයසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැන්වීය.

අභියාචනාධිකරණය හමුවේ එම රිට් පෙත්සම හෙට 26 වැනිදා කැඳවීමට නියමිතය.

“මාධ්‍ය ඇවිත් අපේ රෝහලට මඩගහනවා,සමාජ මාධ්‍ය ඔස්සේ ද අපිට මඩ ගහනවා..ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය…” යැයිද ජ්‍යෙෂ්ඨ‍ නීතිඥ ජීවන්ත ජයසිංහ මහතා විවෘත අධිකරණයේදී පැවසීය.

කෙසේවුවද, අධ්‍යක්ෂ අජිත් කරුණාරත්න සහ සහකාර කළමනාකාරිනී (බිල්පත්) ඩී. බී. සඳතිසරු යන විත්තිකරුවන් පමණක් මේ නඩුවට පෙනී සිටි අතර අනෙකුත් අධ්‍යක්ෂවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ.

අපරාධ නඩුවක විත්තිකරුවන් සියලු දෙනා පුද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දන්වා සිටි අගතියට පත් පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජිත් හීල්ලගේ, සිය බලය, ධනය මත අධිකරණය වෙත ගරු නොකරමින් අධිකරණ නියෝගයන්ට අවනත නොවී සිටින විත්තිකාර අධ්‍යක්ෂවරුන් 8 දෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විශාල් බාලි, අශෝක පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල් යන අදාළ රෝහලේ විත්තිකාර අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට අගතියට පත් පාර්ශ්වය එලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකාර රෝහල සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ‍ නීතිඥ ජීවන්ත ජයසිංහ කරුණු ඉදිරිපත් කරමින් විශාල් බාලි සහ අන්කූර් නාන්ද් තදානි නමැති අධ්‍යක්ෂවරුන් ඉන්දියානු ජාතිකයන් බවත්, අශොක් පතිරගේ අධ්‍යක්ෂවරයා මේ වනවිට විදෙස් ගතවී සිටින බවත් දන්වා සිටියේය.

මෙම නඩුවේ ලබාදුන් නියෝගවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇති හෙයින් එම පෙත්සම ලබන හෙට (26) කැඳවීමෙන් අනතුරුව අදාළ නඩුව ලබන මාර්තු 14 වැනිදා කැඳවන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සබැඳි පුවත්
මෙතෙක් නොආ අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට

අශෝක් පතිරගේ හා ආසිරි රෝහල් ලොක්කන්ට දුන් තීන්දුව ගැන මහේස්ත්‍රාත්වරිය පුදුම වෙයි 

වැඩිමිලට බෙහෙත් විකුණූ ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයට දඩ

අශෝක පතිරගේ ඇතුළු ආසිරි අධ්‍යක්ෂ මණ්ඩලය අද අධිකරණය හමුවට 

ආසිරි හොස්පිට්ල් බෙහෙත්වලින් ගිණිකාලා අධ්‍යක්ෂවරු උසාවිය‍ට‍ 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved