Connect with us

පුවත්

ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කළා නම් ටෙන්ඩරය රොඩේෂියාට ?

Published

on

ඉන්දියාවෙන් රුපියල් 850කට කුකුළු මස් කිලෝවක් ආනයන කළ හැකි බවට පාරම් බෑ ඇමති නලින් ප්‍රනාන්දු මහතා හා නිලධාරීට දේශීය කුකුළු මස් කිලෝවක නිෂ්පාදන වියම ගණනය කිරීමේදී රුපියල් දහසකට වැඩි මිලක් ගණනය වී ඇතැයි එම අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ පසුගියදා අමාත්‍යවරයා, නිලධාරීන් හා දේශීය කුකුළු මස් ව්‍යාපාරිකයන් අතර පැවැති සාකච්ඡාවේදීය.

පසුව අමාත්‍යවරයා සුපුරුදු පරිදි නිලධාරීන්ට බැණවදිමින් අදාළ ගණනය කිරීමේ වරද ඔවුන්පිටම පටවා අතසෝදාගෙන ඇතැයි වාර්තා වේ.

එම රැස්වීමේදී අමාත්‍යවරයාගේ යෝජනාවට අනුව ඉන්දියාවෙන් කුකුළු මස් ආනායනයට සැරසෙන්නේ නම් අදාළ ආනයන බලපත්‍ර දේශීය කුකුළු මස් නිෂ්පාදකයින්ට ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කිරීම නිසා අමාත්‍යවරයා අදාළ යෝජනාව මේවන විට හකුලා ගැනීමට කටයුතු කර ඇති බවද පැවසේ.

කෙසේවුවද, මෙසේ ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කරන්නේ නම් අදාළ ගනුදෙනුව හමුදා කඳවුරුවලට කුකුළු මස් සපයනු ලබන රොහාන් ප්‍රන්දු මහතාගේ රොඩේෂා සමාගම  ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බව නලින් මහතාගේ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින වාර්තා වේ.

ඒ අදාල සමාගම කුකුළු මස් නිෂ්පාදනය කරනු ලබන සමාගම් හැරුණ කල වැඩිම ශීතාගාර පහසුකම් ඇති සමාගමක්වීම නිසාය.

මේ අතර, හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට පසුගිය 02 වැනිදා සිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාව පල කර තිබිණි.

කුකුළු මස් නිෂ්පාදකයින් අදාළ එකගතාවයට නොපැමිණියේ නම් ඉන්දියාවෙන් කුකුළු මස් ආනයනය කිරීම නිසා රාජ්‍ය ආදායම තවත් පහල යාමේ අවදානම් තත්ත්වයක් පැවැති බවද වාර්තා වේ.

ඒ මේ වන විට කුකුළු මස් නිෂ්පාදකයින් වක්‍රාකාරයෙන් එක කුකුල් මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී රජයට බදු ලෙස රුපියල් 216 කට ආසන්න මුදලක් ගෙවීම නිසාය.

කෙසේවුවද, එවැනි විශාල බද්දක් කුකුළු මස් ආනයනය කිරීමේදී පැනවිය නොහැකිවීම ඊට හේතුවයි.

බිත්තර ඉන්දියාවෙන් ආනයනය කිරීම ආරම්භ කිරීමෙන් පසුව එතෙක් මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වැනිදි සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved