අද (සැප්තැම්බර් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රු. 311කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලේ කිසිඳු වෙනසක් සිදු වී නැත.
මේ අතර, රු. 24කින් අඩු වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු 283කි.
තවද, රු. 33කින් අඩු වූ ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 319කි.
ලංකා භූමිතෙල් ලීටරයක්ද රු. 19කින් රු. 183ක් දක්වා අඩු කර ඇත.