Connect with us

පුවත්

උත්සව සමයේ සීනි හිඟයක් ?

Published

on

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළ රුපියල් 275ක උපරිම සිල්ලර මිලට සීනි ආනයනය කිරීමෙන් රුපියල් 40ක පාඩුවක් සිදුවන බව සීනි ආනයනකරුවන් පවසයි.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ සීනි ආනයනකරුවන් අතර වෙළඳ අමාත්‍යාංශයේ පෙරේදා (08) පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙසේ දැනුම් දී ඇත.

එමෙන්ම ඩොලරය ඉහළ යාම සහ සීනි කිලෝග්‍රෑමයකින් රුපියල් 40ක පාඩුවක් සිදු වීම නිසා ඉදිරියේදී සීනි ඇණවුම් අවලංගු කිරීමටද සිදුවන බව ආනයනකරුවන් පෙන්වා දී ඇත.

එසේ වුවහොත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි හිඟයක් ඇතිවිය හැකි බවටද ඔවුන් අනතුරු හඟවා තිබේ.

එම නිසා සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස ආනයනකරුවන් වෙළඳ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

තවද සීනි ආනයනකරුවන් සතුව මේ වනවිට සීනි මෙට්‍රික්ටොන් තිස්දහසක පමණ තොගයක් ඇති බවද මෙහිදී අනාවරණය විය.

දෛනික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2000ක් වන අතර දැනට සතු තොගය ප්‍රමාණවත් වන්නේ දෙසතියකට පමණක් බවද ආනයනකරුවෝ පවසති.

සීනි ආනයනකරුවන් සතු සීනි තොග ගබඩා පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද දැනුම් දී තිබේ.

සීනි සඳහා කිලෝග්‍රෑමයකට ශත 25ක්ව පැවති ආනයන බද්ද රුපියල් 50 දක්වා වැඩි කරමින් මුදල් අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.

මෙම ගැසට් නිවේදනයෙන් පසු රුපියල් 250ක්ව පැවති සීනි තොග මිල ඊයේ (09) වන විට රුපියල් 315 දක්වා වැඩි වී තිබේ.

කෙසේවෙතත් ශත 25 ආනයන බද්දට ගෙනා සීනි, අලෙවි කිරීමෙන් පසු පාලන මිල සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘අරුණ’ට පවසා ඇත.

උත්සව කාලේ කුකුළු මස් වැඩි කලොත් පාලන මිලක් දානවා ; වෙළඳ ඇමති කියයි

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ නත්තල් සහ අලුත් අවුරුදු සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

තවද මෙවර උත්සව සමයේදී බිත්තර මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවද වෙළඳ අමාත්‍යවරයා පැවසීය.

වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බවය.

(මූලාශ්‍රය : අරුණ)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved