Connect with us

ව්‍යාපාර

කුරුඳුවලින් රටට සල්ලි

Published

on

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරක මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබයි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි.

එම ආදායම දෙගුණයක් කිරීම සඳහා සැලසුම් සකස්කර ඇති හෙතෙම පැවසීය‍.

ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර හම්බන්තොට ප්‍රදේශවලට අමතරව කුරුණෑගල, පුත්තලම හා මහවැලි කලාප වැනි ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් සකසා ඇත.

මේ අතර ජනක ලින්දර මහතා පවසා සිටියේ, චීනය සමග මේ වනවිට කුරුඳු අපනයනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි මස සිට චීනයට ද කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිවන බව ඔහු පැවසීය.

මීට අමතරව යුරෝපා සංගමය ඇතුළු රටවලටද කුරුඳු අපනයනය වැඩිකිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

කෙසේ නමුත් මෙරට කුරුඳු කර්මාන්තයෙන් වැඩි වශයෙන් අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය ලෙසින් වන අතර, එය අගය වැඩිකළ නිෂ්පාදන ලෙසින් අපනයනය කිරීමට හැකිනම් විදේශ විනිමය දෙගුණ කරගැනීමට පහසුවෙන්ම හැකියාව ඇත.

මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයින්ව අගය වැඩිකළ නිෂ්පාදන සඳහා පෙළඹවීමට ආධාර උපකාර කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

ව්‍යාපාර

විදෙස් දේපොළ ආයෝජනය ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

Continue Reading

ව්‍යාපාර

කෙසෙල් මිල අඩුවෙලා

Published

on

By

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ගොවීහු දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව පවසති.

රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම සහ බුල්නෑව යන ප්‍රදේශවල ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන කෙසෙල් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ගොවීහු මැසිවිලි නගති.

ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළට විශාල කෙසෙල් අස්වැන්නක් පැමිණීමත්, ගැනුම්කරුවන්ගේ පැමිණීම සීමා වීමත් මිල පහත වැටීමට ප්‍රධාන හේතු බවයි.

වත්මන් කෙසෙල් මිල ගණන්

  • ඇඹුල් කෙසෙල්: රු. 40–45 (කිලෝවක තොග මිල)
  • සීනි කෙසෙල්: රු. 45–50 (කිලෝවක තොග මිල)
  • අළු කෙසෙල්: රු. 50–60 (කිලෝවක තොග මිල)
  • කෝලිකුට්ටු කෙසෙල්: රු. 180–200 (කිලෝවක තොග මිල)

Continue Reading

පුවත්

බිත්තර මිල දැනගන්න අලුත් ක්‍රමයක්

Published

on

By

පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන පරිදි ලබන සඳුදා (23) සිට බිත්තර මිල තීරණය කර එය දැනුම්දීමට සිය සංගමය කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසයි.

ඒ අනුව තීරණය කෙරෙන බිත්තර මිල සතියේ සෑම දිනකම පෙරවරු 5.00 ට සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට, බේකරි හිමියන්ට, බිත්තර යොදාගෙන විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා හිමියන්ට, හෝටල් හිමියන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් නිකුත් කරන බව ඒ මහතා සඳහන් කලේය.

070-7030700 යන දුරකථන අංකය ඔස්සේ බිත්තර තොග මිල, සිල්ලර මිල, අතරමැදියා මිලදී ගන්නා මිල නිකුත් කෙරෙනු ඇත.

පසුගිය කාලයේදී ඇතැමුන් රුපියල් 15 ත් 18 ත් අතර අඩු මිලකට බිත්තර මිලදී ගෙන තොග රැස්කළ බවත්, එවැනි කටයුතුවලට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් බිත්තර සංගම් පිහිටුවාගෙන තිබුණත් ඔවුනට ගොවිපොළක් හෝ නොමැති බවද, ඔවුන්ට බිත්තර නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 28 ක මුදලක්ද, මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 29 ත් 30 ත් අතර මුදලක්ද, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 32 ක මුදලක්ද වැය වන බවද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved