Connect with us

පුවත්

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

Published

on


කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි.

අද දිනය තුළ දී ඒකක 295කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගිය අතර, අද දිනයේ පිරිවැටුම රු. බිලියන 8.27කි.

පුවත්

වැඩි මිලට බඩු අලෙවි කරන වෙළඳුන් සොයා නඩු පැවරීම දිගටම

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ.

සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා කරමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳුන් සොයා නඩු පැවරීම මෙම වැඩසටහනේ දී සිදුකර ඇති බව සඳහන් වේ.

පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පවසන්නේ, අදාළ උත්සව කාලසීමාව තුළ සුපිරි වෙළඳසැල් ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්වල ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළ බවයි.

Continue Reading

පුවත්

“ගෝල්ෆේස් දාලා පෙන්නපු වාහන මාලිමා මන්ත්‍රීලා බෙදාගෙන කියලා ආරංචියි’

Published

on

By

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“දැන් මේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් උද්දච්ඡ තත්වයකට පත්වෙලා තියෙනවා. දැන් මේගොල්ලන් ජනතාව කියන දෙයක් අහන්නෑ. කිව්ව දේවල් අමතක වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් එපා කිව්වා, පෙන්ෂන් එපා කිව්වා, නිවාස එපා කිව්වා. හැබැයි අද ඒවා ගැන කතාවක්වත් කරනවාද ? ගෝල්ෆේස් එකේ දාලා වාහන පෙන්නුවේ, ඒ වාහන ටික කොහෙද දැන් ? අපට ආරංචියි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ඒ වාහන දීලා දැන්. “

Continue Reading

පුවත්

ජලාශ 36ක් වාන් මට්ටම​ට

Published

on

By

පවතින වර්ෂාව හේතුවෙන් රාජාංගනට, යෝධ වැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, මහ කනදරාව ඇතුළු ප්‍රධාන ජලාශ 36ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව 80% මට්ටම ඉක්මවා ඇති බවත් වාරි මාර්ග අධ්‍යක්ෂ එල්. එස් සුරවීර මහත ප්‍රකාශ කරයි.

මෙම ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ද ජල මට්ටම විශාල වශයෙන් ඉහල යමින් පවතින බව ද ඒ මහතා සඳහන් කලේය.

ජලාශ ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාවට ආපදා කලමණාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳ නිරන්තර අවධානය යොමුකරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved