Connect with us

පුවත්

කොල්ලුපිටියේ “හොටේල් ඩි ප්ලාසා”හි කෑම එකක පණුවෝ ඉඳලා  

Published

on

නොම්බර 329, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයේ පිහිටි හොටේල් ඩි ප්ලාසා  (Hotel de Plaza – Kollupitiya) අවන්හලෙන් ගත් රොටි පාර්සලයක පණුවන් සිටි බවට නීතීඥවරියක් සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත මේ පැමිණිල්ල ලැබී ඇති අතර ඒ් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ අවන්හල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නිසි පියවර ගන්නා බව ය.

පුවත්

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

Published

on

By

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

Continue Reading

පුවත්

 මුතියංගණ විහාරයේ ‘මධූ’ වලකට වැටී මරුට!

Published

on

By


මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ’ නමැති ඇතින්න ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.

ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.

වැසිකිළි වළකට ඇදවැටුණු ‘මධූ’ ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මමරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය.

එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved