Connect with us

පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොලේ දැවැන්ත කඩා වැටීමක්!

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (07) දෛනික ගනුදෙනු අවසානයේදී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් සිදුව තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) ඒකක 712.90 කින් පහළ ගියේය.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.64 කි.

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ (07) දිනයේදී මිනිත්තු 30 ක කාලයක් අත්හිටුවීමට ද කටයුතු කෙරිණි. ඊට හේතුව ඊයේ පෙරවරුවේදී S&P SL 20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 5 ක ප්‍රමාණයක් පහළ ගොස් තිබීම නිසාවෙනි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහළ තීරු බදු පැනවීම හේතුවෙන් ලෝකයේ රටවල් රැසක කොටස් වෙළෙඳපොළ තෙවැනි දිනටත් ඊයේ (07ඤ) කඩා වැටීමකට ලක්ව තිබිණි.

ජපානයේ ටෝකියෝ හි නිකේයි කොටස් වෙළෙඳපොළේ දර්ශකය සියයට 1.8 කින්ද, දකුණු කොරියාවේ සෝල් හි කොස්පි කොටස් වෙළෙඳපොළ දර්ශකය සියයට 4 කින්ද පහත වැටී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ තීරු බදු ප්‍රතිපත්තිය ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයන් සහ බැංකු සඳහා දැඩි බලපෑම් එල්ලවී ඇතැයි ද අනාවරණය වේ.

ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය හෙට (09 වැනිදා) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම ඉහළ දැමූ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 50 ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයට එකඟතාවය පළකර තිබේ.

මූලාශ්‍රය – අරුණ 

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved