Connect with us

ව්‍යාපාර

ගෑස් මිල සංශෝධනය අද

Published

on



මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් වූයේ නැත.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් වේ.

මේ අතර, ලාෆ් සමාගමද අද දිනයේ මිල සංශෝධනය ප්‍රකාශයට පත්කරන බව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේය.

පුවත්

දත් හිරිවැටෙන සියඹලා මිල

Published

on

By

මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.

ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.

මීට පෙර සියඹලා කිලෝවක්  රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Continue Reading

ව්‍යාපාර

රටින් ගෙනා සහල් ගැන හෙළිදරව්වක්

Published

on

By

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතියි.

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නොහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළේය.

එම සහල් නිෂ්කාශනය කිරීම සඳහා රජය විසින් සහල් ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇත.

මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි.

Continue Reading

ව්‍යාපාර

වසර 5කට පසු ව්‍යාපාර විශ්වසනීය දර්ශකය ඉහළම අගය වාර්තා කරයි

Published

on

By

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රටේ ආර්ථික අනාගතය පිළිබදව දැඩි විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සඟරාවක් වන LMD ජනවාරි කලාපය සඳහන් කරයි.

LMD ජනවාරි කලාපයේ සදහන් වන ආකාරයට ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ව්‍යාපාර විශ්වසනීය දර්ශකය Business Confidence Index (BCI) ඒකක 174 දක්වා ඉහළ ගොස් ඇත. එය නොවැම්බර් මාසයේ දී පැවති ඇත්තේ ඒකක 154 ක් ලෙසය.

අදාළ දර්ශකය ජනවාරි මාසයේ වාර්තා කළ එම ඉහළම අගයට ළඟා වී ඇත්තේ වසර පහකට පසුවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved