Connect with us

ව්‍යාපාර

චීනයෙන් තවත් ගුවන් ගමන් වාර 3ක්

Published

on

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර ගණන තවත් ඉහළ යනු ඇති බවය.

පුවත්

අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරයි

Published

on

By

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ඒ බව පැවසීය.

“ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩුකරන්න තීරණය කළා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබාගන්න එපා කියලා.”

Continue Reading

ව්‍යාපාර

බිත්තර මිල ඉහළට

Published

on

By

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ.

පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවය.

“තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා. දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘත්‍රීමව සිදුවෙනවා ද කියලා අපිට ප්‍රශ්නයක්.”

Continue Reading

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Published

on

By

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved