Connect with us

පුවත්

ජොන්සන්ලා සල්ලි බෙදලා පිළිකා චෝදනාවෙන් බේරෙන්න හදයි

Published

on

ළදරු පවුඩර් සහ අනෙකුත් පුයර මත පදනම් වූ නිෂ්පාදන පිළිකාවට හේතුවක් වන බවට, උතුරු ඇමෙරිකාවේ එය මුහුණ දෙන දස දහස් ගණනක නඩු කටයුතු බේරුම්කර ගැනීමට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම ඩොලර් බිලියන නවයකට ආසන්න මුදලක් ගෙවීමට යෝජනා කර තිබේ.

සෞඛ්‍ය සේවා සමාගම පැවසුවේ එම චෝදනා “සැබෑ ලෙස ම පෙනෙන” ඒවා බවට තවමත් විශ්වාස කරන නමුත් නව බේරුම්කරන පොරොන්දුව එහි නීතිමය සංග්‍රාමය අවසන් කරනු ඇතැ යි බලාපොරොත්තු වන බවයි.

මේ අගය එය කලින් යෝජනා කළ ඩොලර් බිලියන දෙකට වඩා දැවැන්ත වැඩිවීමක් සනිටුහන් කරයි.

අලුත් පොරොන්දුවට, නඩුවට සම්බන්ධ පුද්ගලයන්ගෙන් සැලකිය යුතු සහායක් ඇති බව එහි සඳහන් ව තිබුණි.

නිෂ්පාදනයේ පිළිකා හේතුකාරක ඇස්බැස්ටස් ඇති බවට චෝදනා කරන සමහරුන් ඇතුළුව, එහි පුයර ආශ්‍රිත ළදරු පවුඩර් පිළිකාවට හේතු වූ බව පවසන, පාරිභෝගිකයන් ව සිටි අයගේ 40,000කට වඩා වැඩි නඩු ප්‍රමාණයක් සඳහා සමාගම මුහුණ දෙමින් සිටියි.

වියළි ශැම්පූ ද ඇතුළු නැපි කුෂ්ඨ වළක්වා ගැනීමට සහ අනෙකුත් විලවුන් භාවිතයන් සඳහා යොදාගන්නා නිෂ්පාදන 2020 දී එක්සත් ජනපදයේ විකිණීම නැවැත්වූයේ එම නිෂ්පාදනවල ඉල්ලුම අඩුවීමට “දුස්තොරතුරු” හේතු වූ බවට උපුටමිනි. පසුගිය වසරේ දි එය, ගෝලීය වශයෙන් විකිණීම අවසන් කිරීමේ සැලසුම නිවේදනය කරන ලදී.

එම තීන්දුවට පෙර, සමාගම වසර 130කට ආසන්න කාලයක් ළදරු පවුඩර් විකුණා ඇත. ඉරිඟු පිටි අඩංගු නිෂ්පාදනය විකිණීම එය දිගට ම සිදු කරයි.

චෝදනා සඳහා අනුබද්ධිත වගකියන්නෙක් නිර්මාණය කළ පසු, 2021 සිට බංකොලොත් වූ සමාගම්වල හෝ පුද්ගලයන් පිළිබඳ නඩු අසන උසාවියේ දී නඩු බේරුම් කරගැනීමට සමාගම උත්සහ දරමින් සිටියේ ය.

නමුත් එම උත්සහය වැරදුණේ, අනුබද්ධිත ආයතනය මූල්‍ය අර්බුදයක නොමැති බව හා නඩු විසඳීමට බංකොලොත් ක්‍රමවේදය භාවිත කිරීමට නොහැකි බවත් බංකොලොත් වූ සමාගම්වල හෝ පුද්ගලයන් පිළිබඳ නඩු අසන උසාවිය විසින් මුලදීම අනාවරණය කරගැනීමෙන් පසුවයි.

“සමාගම දිගට ම විශ්වාස කරන්නෙ මේ චෝදනා අඩු විද්‍යාත්මක ලකුණක් තිබෙන, ඇත්ත වගේ පේන ඒවා කියලා” යැයි ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමට විරුද්ධව නඩු පවරන්නන්ගේ, ගෝලීය උපසභාපතිවරයා වන එරික් හාස් පැවසුවේ ය.

නමුත් ඔහු පැවසුවේ, “මේ නඩු සිවිල් ආකාරයෙන් විසඳන්න යන එකට දශක ගණනාවක් ගත වෙනවා වගේ ම බහුතරයක් චෝදනා කරන අයට කවදාවත් වන්දියක් හිමි වෙන්නේ නැති වෙනවා සහ සැලකිය යුතු පිරිවැයක් සමාගමට හා පද්ධතියට බලපාන,” බව යි.

“යෝජිත ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුම හරහා මෙම ප්‍රශ්නය බේරුම්කිරීම වඩාත් අපක්ෂපාතී සහ වඩාත් කාර්යයක්ෂම ව, චෝදනා එල්ල කරන්නන්ට නියමිත වෙලාවට වන්දිය ගෙවීමට ඉඩ සලසන අතර, අපගේ හෘදයාංගම කැපවීම සහ මනුෂ්‍යවර්ගයාගේ සෞඛ්‍යට ධනාත්මක බලපෑමට ඉලක්ක කරගනිමින් සමාගමට රැඳී සිටීමට අවස්ථාව ලබාදෙයි.”

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවසන්නේ ඔවුන්ට එරෙහි පුයර නඩුවලින් වැඩි කොටසක් ඔවුන් දිනාගෙන ඇති බවයි. කාන්තාවන් 22කට ඩොලර් බිලියන 2ක් ලබා දෙන ලෙස ඇති එක් නඩු තීන්දුවක් ඇතුළු ව, ඇතැම් සැලකියයුතු පැරදීම්වල එය සිරව සිටියි.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පවසන්නේ නව බේරුම්කරන කොන්දේසිවලට වර්තමාන චෝදනා එල්ල කරන්නන්ගෙන් 60 000ක් පමණ එකඟ වී ඇති බවයි.

බීබීසී – සිංහල

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved