Connect with us

පුවත්

ටෙලිකොම් ප්‍රයිවට් කලාට ආරක්ෂාවට තර්ජනයක් නැතැයි මහාචාර්ය කියයි!

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන ‘101 කතා’ වැඩසටහනට එක්වෙමිනි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බවද සමරජීව මහතා කියා සිටී.

ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන් සටන් පාඨයක් කරගෙන තිබෙන බවද ඔහු සහන් කරයි.

කිසිදු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගෙන් විමර්ශනයක් සිදු නොකර මෙවන් වාර්තාවක් සකස් කර තිබෙන්නේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව බවට ද ඔහු ච‌ෝදනා කරයි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය රොහාන් සමරජීව මහතා මෙසේද සඳහන් කළේය.

“වර්තමානය ගැන නොදැනුවත්කමත්, අතීතය ගැන නොදැනුවත්කමක් තමයි මෙයට මූලික හේතුව. 90 දශකයේදී අපි විවිධ සමාගම්වලට එන්න කිව්වා. එදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ජංගම දුරකථන ජාලයක් තිබුණේ නැහැ. මොබිටෙල් හි කොටසක් තිබුණත්, කළමනාකරීත්වයේ අයිතිය තිබුණේ ඔස්ට්‍රේලියානු සමාගමකටයි. ආණ්ඩුවේ සාම්ප්‍රදායක් තිබුණා මොබිටෙල් සමාගමෙන් සේවාවන් ලබා ගන්න. ඒ කොටසක් ටෙලිකොම් සමාගමට අයිති නිසා. නමුත් ‍මොබිටෙල් සමාගම ටෙල්ස්ටා ආයතයනය විසින් තමයි එහි කළමනාකාරීත්වය සිදුකළේ. ටෙලිකොම් කළමනාකාරීත්වය තිබු‍ණේ ජපන් සමාගමකටයි. ටෙලිකොම්හි සභාපති විදිහට ලංකාවේ කෙනෙක් හිටියත් මූලික තීන්දු තීරණ ගත්තේ ජපන් ප්‍රධාන විධායක නිලධාරීන් විසින්.

යුද්ධයක් තිබූ කාලයේදිත් ජංගම දුරකථන සමාගම් හතරක් සහ ස්ථාවර දුරකථන සමාගම් තුනක් රටේ තිබුණා. ඩයලොග් සමාගමේ පමණයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට හිටියේ. ඒකත් සියයට සියයක් මැලේසියාවට අයිති වෙලා තිබුණේ. ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව මන්තරයක් වගේ කියව කියව යනවා. සමහරු සටන් පාඨයක් කරගෙන.

ටෙලිකොම් ආයතනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට අයිති වෙලා තිබූ කාලයේ සියලුම ජාත්‍යන්තර ඇමතුම් ගියේ කොළඹ ලෝටස් පාරේ පිහිටි ටෙලිකොම් මූලස්ථානයෙන්. ඒකට යම්කිසි හානියක් වුණොත් ලංකාවම ජාත්‍යන්තරයෙන් වෙන් වෙනවා. වයර් සහ සැටලයිට්වලින් වුණත් මෘදුකාංග පද්ධතියට හානි වුණොත් සමස්ත ජාලයම ඇනහිටිනවා. මුළු මෘදුකාංග පද්ධතියට විකල්ප ක්‍රමවේදයක් නැහැ.

ආණ්ඩුව ටෙලිකොම් පාලනය කරද්දිත් එහෙම තර්ජනයක් ජාතික ආරක්ෂාවට තිබුණා. එදා එල්ටීටීඊ සංවිධානය අවස්ථා දෙකකදී බෝම්බ ප්‍රහාර එල්ල කළා. පෞද්ගලිකකරණයෙන් පසුව අපි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න ජපන් සමාගමට උපදෙස් දුන්නා. ඔවුන් වහාම අවශ්‍ය ආයෝජනය කරලා විකල්ප ක්‍රමවේදයක් වෙනත් ස්ථානයක ස්ථාපිත කළා. සියයට සියයක් ආණ්ඩුවට අයිති කාලයේත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාව ගැන එදා පාලකයන් නොසලකා හැරියා. අවදානම් තැන අපි එදා හඳුනා ගත්තා. ඒ නිසයි ජපන් ආයෝජනය යටතේ විකල්ප ස්ථානයක බැකප් සයිට් එක හැදුවේ.

හුදෙක් රජයේ ආයතනයකින් කරන්න බැරි වූ දෙයක් ජපන් සමාගම කළා. රජයේ ආයතනවල  යටිතල පහසුකම්වල ආරක්ෂාව ගැන බහුතරයක් සොයා බලන්නේ නැහැ. රජය සතු ආයතනවලට ආයෝජනය කරන්නත් බැහැ. සල්ලිත් නැහැ. ‍මේවා පෞද්ගලිකකරණය කරන්නේ යම් නියාමනයක් සහිතවයි. ඒ වගේම ඔවුන් අපි කියන  දේවල් අහන්න ඕන.  උදාහරණයක් විදිහට එදා ටෙලිකොම් සහ ජපන් සමාගම විසින් කළ වරදක් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක අලායක් විඳින්න සිදුවුණා. නෛතික වශයෙන් දඩයක් නොවුවත් එම මුදල යළි පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කළා.

1990 ගණන්වල අපි පාලනය කරන කාලයේ ජාත්‍යන්තර ඇමතුම්වල ඒකාධිකාරයක් තිබුණා. අද ජාත්‍යන්තර සම්බන්ධතා ටෙලිකොම් හරහා නෙමෙයි යන්නේ.  ටෙලිකොම් එකට අයිති එක කේබල් මධ්‍යස්ථානයක් විතරයි. අනිත් ආයතනවලිනුත් අන්තර්ජාල සබඳතා ලබා ගැනීමේ හැකියාව අද තිබෙනවා. ආණ්ඩුවේ අද භාවිතා කරන්නේ ටෙලිකොම්හි අන්තර්ජාල සබඳතාවය විතරද? ඒවා ගැන සොයා බලන්නේ නැතුව ජාතික ආරක්ෂාව ගැන මන්තරයක් වගේ කියව කියව යනවා. අද ආණ්ඩුවේ බොහෝමයක් තොරතුරු හුවමාරු වන්නේ ජීමේල් හරහා. ජීමේල් අයිති විදෙස් රටවල්වලට. දේශපාලනඥයන් මෙන්ම රජයේ ආයතනවල නිලධාරීන් බොහෝමයක් ඇමතුම් ලබා ගන්නේ වට්ස්ඇප්වලින්. වට්ස්ඇප් අයිති කාටද? වට්ස්ඇප්වලින් හුවමාරු වන දත්ත ගබඩා වෙලා තිබෙන්නේ විදෙස් රටවල. එනිසා ටෙලිකොම් වෙන්න පුළුවන් වෙනත් පෞද්ගලික ආයතනයකින් වෙන්න පුළුවන්, ඔවුන්ගෙන් අන්තර්ජාල සබඳතාවය ලබා ගත්තා කියලා ඒ සමාගම්වලට දත්ත යන්නේ නැහැ. අනික් එක තමයි මේ හැම එකක්ම වෙනත් අයට පිවිසෙන්න බැරි විදිහට මුරපද සහ වෙනත් ක්‍රමවලින් අඟුළු දමා තිබෙන්නේ. ඒ නිසා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කළා කියලා රජයේ දත්ත පිටතට යනවා කීම මහා මුලාවක්.  

ශ්‍රී ලංකාව තුළ ඩේටා මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා. එකක් ටෙලිකොම් සමාගමට. අනිත් එක ‍ඩයලොග් සමාගමට. මේවාවල රජයේ දත්ත ගබඩා කිරීම සඳහා කුළියට අරන් තිබෙනවා. හරියට බැංකුවක තිබෙන ආරක්ෂිත සේප්පුවකින් කිසියම් කෙනෙක් කොටසක් කුළියට ගන්නවා වගේ. එතකොට ඒ සේප්පුව පාලනය කරන්නේ කවුද? අදාළ බැංකුව ද? නැහැ. ඒ සේප්පුව කුළියට කෙනා ගාව තමයි යතුර තිබෙන්නේ. ඒ වගේ රජයේ දත්ත ගබඩාවලටත් පිවිසෙන්න පුළුවන් අදාළ නිලධාරියාට විතරයි. ජාත්‍යන්තර ක්‍රමය තමයි එය.”

ෆයිල් කියන්නේ පරණ චින්තනයක්. දැන් තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරගෙන තිබෙනවා. ආරක්ෂාව තර කර ගැනීමට පිටපතක් ලංකාවෙන් පිට තිබීමෙන් තමයි වැඩි ආරක්ෂාවක් තිබෙන්නේ. නමුත් එයට ප්‍රවේශ විය හැක්කේ අපට පමණයි.

රජයේ ආයතනවලට දේශපාලනඥයන්ගේ සහෝදරවරුන්, ඥාතීන් දා ගන්නවා. අයථා වැඩ සිදුවෙන්නේ ඊට පසුවයි. සාමාන්‍යයෙන් ආංශික කාරක සභාවක සිටිය යුත්තේ දැනුම් තේරුම් අයයි. වෙනත් රටවල්වල එහෙම කොහොමද කරන්නේ කියලා සොයා  බැලිය යුතුයි. හුදෙක්ම හිතළුවලින් පමණක් මේය සකස් කර තිබෙනවා. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන කනගාටුවක් තිබෙනවා. විශේෂඥ දැනුම ඇති අයගෙන් දත්ත අරගෙන වාර්තාවක් හදන්න තිබුණා. නමුත් මේ ආංශික කාරක සභා මූලධර්මවලට පටහැනිව තමයි මේ වාර්තාව සකස් කරලා තිබෙන්නේ.”

සබැදි පුවත්

ටෙලිකොම්හි ෆයිබර් ඔප්ටික් කේබල් 5ත් වික්කම ලංකාවට අබ සරණයි

ටීවී, රේඩියෝ අල්ලාගත් අලිරාජා ටෙලිකොම් හා ලංකා රෝහලත් ගිලියි!

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved