Connect with us

පුවත්

ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීම ගැන අවසන් තීන්දුව ලබන කැබිනට් රැස්වීමේදී (Update)

Published

on

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත් එම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවට රජය දැනුම් දෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ :

එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌනතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහසයි.

විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වන විටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍යය.

එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතුය. 

එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවද රජය දන්වා සිටී.

රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

————————————————

(පෙර පුවත: 2023 ජුනි 09, ප.ව.12:35)

ටෙලිකොම් පෞද්ගලීකරණය කරන්න එපා යැයි නිර්දේශයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම තුළින් ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු හෙළිදරව් වීමට ඇති හැකියාව හේතුවෙන් බවද එහි දැක්වෙයි. 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved