Connect with us

පුවත්

තායිලන්තය හා ලංකාව අතරත් සෘජු ගුවන් ගමන් ඇරඹෙයි

Published

on

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිව්- 140 දරන ගුවන් යානය ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එය ඒ- 320 එයාර්බස් වර්ගයේ ගුවන් යානයකි.

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන සඳහා පැය 03 යි විනාඩි 15 ක කාළයක් ගත වන අතර, මෙම ගුවන් සේවයෙන් පැමිණීමට සහ පිටත්වයාමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර දෙකම සඳහා අය කරනු ලබන්නේ රුපියල් 50,000ක මුදලක් පමණි.

පුවත්

පළමු ඡන්ද ප්‍රතිඵලය ගාල්ලෙන්

Published

on

By

2024 මහමැතිවරණයේ ප්‍රථම නිල තැපැල් ඡන්ද ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය – 32296
සමගි ජන බලවේගය – 3523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1964 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1846 
සර්වජන බලය – 607

Continue Reading

පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට

Published

on

By

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00ට අවසන් විය.

ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වූයේ පෙරවරු 7.00ටය.

එම කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පුද්ගලයින් 49ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, කෑගල්ල, සීතාවකපුරම, කොළඹ උතුර, කළුතර, කැලණිය, තෙල්දනිය, මාතර, මුතතිව් ප්‍රදේශවලින් සිදුවීම් දෙක බැගින් වාර්තා වී තිබුණි.

Continue Reading

පුවත්

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

Published

on

By

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කරන එස්.සතිස් මහතාටය.

මෙහිදී අදාළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් හිසට පහර දී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (14) ඇතුළත් කර තිබේ.

මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සතිස් කුමාර් මහතා පවසන්නේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේදී අද (14) දින පස්වරුවේ බිමත්ව තමන් පිටුපසින් පැමිණි පුද්ගලයෙකු අසල වෙලදසැලකින් පිහියක් රැගෙන තමාගේ හිසට පහර දුන් බවය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපෙක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සතිස් මහතා තවදුරටත් පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved