Connect with us

පුවත්

දේපල සමාගම් බංකොළො​ත් වෙයි?

Published

on

මහල් නිවාස සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළෙඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි මහබැංකු වාර්තාවලින් අනාවරණය වේ. 

මෙය පසුගිය වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව සියයට 40ක පහත වැටීමක් බව ද එම වාර්තාවෙන් හෙළිව තිබේ.

එම වාර්තාවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේ සිදුවූ සහාධිපත්‍ය වෙළෙඳාමෙන් සියයට 50ක්ම රුපියල් මිලියන 25ත් 50ත් අතර වටිනාකමින් යුත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන වන අතර රුපියල් මිලියන 75ට වැඩි විනාකමින් යුත් නිවාස හා දේපළ මිල දී ගැනීම් සිදුවී තිබෙන්නේ සියයට 7ක් පමණි. 

එය පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී සියයට 16ක්ව පැවැතී ඇත.

මහල් නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිල දී ගැනීම් පහත වැටීමට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ ඒවායේ මිල ගණන් ඉහළ යාම බව ද කොළඹ දිස්ත්‍රික්කයේ මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 24කින් ද පසුගිය කාර්තුවට සාපේක්ෂව සියයට 10 කින් ද ඉහළ ගොස් තිබේ.

මිලදී ගන්නා දේපළවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් මෙරට ක්ෂණික පදිංචිය සඳහා වන අතර සියයට 28 ක් පමණ අනාගත පදිංචිය සඳහාය. 

මහබැංකු වාර්තාවට අනුව ආයෝජන ලෙස මෙම දේපළ මිල දී ගැනීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට අටකින් පමණ පහත වැටී ඇත.

මේ අතර, විශාල වශයෙන් ලාංකිකයන් රටහැර යාම බැංකු ණය පොලී අධිකිවීම යන කාරණා මත මේ තත්ත්වය තවත් වැඩිවදේනු ඇතැයි ක්ෂ‌ේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම,  දේපල වෙළඳාම් සමාගම් බංකොළ‌ොත්වීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවයි.

ඒ් බොහෝ දේපල වෙළඳාම් සමාගම් ඔවුන්ට දැරිය නොහැකි තරමේ බැංකු ණය ලබා ගනිමින් අදාළ ව්‍යාපාර පවත්වාගෙන යාම නිසාය.

ලංකාවේ පසුගිය කාලයේ දේපල සමාගම් අතර ඉදිරියෙන්ම සිටි සමාගම්ක් වූ බ්ලූමවුන්ටන් සමාගම මෙසේ අධික ණය ලබා ගැනීම හේතුවෙන් බංකොළ‌ොත් භාවයට එක් ආයතනයකට උදාහරණ සපයන බවද ඔවුන් කියා සිටී.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved