Connect with us

ව්‍යාපාර

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල් කිලෝග්‍රෑම් 17925ක් වටලයි

Published

on

නිෂ්පාදිත දිනය  හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) දින වැටලීමක් සිදු කරන ලදි. 

එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත 25ක්ග් ඇසුරුම් වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා විසින් සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු බව ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර තිබියදී ලංකාවේ සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කර තිබිණ. 

එමෙන්ම එම සහල් අසුරන වල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුල රහසිගතව තබා ගනිමින් මෙම සහල් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.

මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත 25ක්ග් ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමය තුල, දිවයිනපුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළඳුන් විසින් සිදුකරන මෙවැනි  වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ඇත.

උත්සව සමය තුළදී ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් විසින් තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපළට නිකුත් කිරීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් තොග ගබඩා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන අතර භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුමෙහි සඳහන් තොරතුරු පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, ඇසුරුමෙහි පවතින තොරතුරු කිසියම් වෙනසකට ලක්කොට ඇතිදැයි විමසිලිමත් වන ලෙසත් එවැනි භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ව්‍යාපාර

පොල් අස්වැන්න ඉහළ යයි…

Published

on

By

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා සඳහන් කළේ, ගිය වසරේ පොල්ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවය.

ඒ අනුව මෙම වසරේ පොල්ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශවල  පොල් ගෙඩියක මිල රුපියල් 163ක පමණ මිලකට ස්ථාවර වී ඇති බවය.

Continue Reading

ව්‍යාපාර

ලුණු හිඟය අවසන්. ආනයනික ලුණු ලබන සතියේ මෙරටට

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පවසයි

ඒ අනුව දැනට පවතින ලුණු හිගය අවසන්ව ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙන් මිලදී ගත හැකි බව ඒ මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගම මඟින් ඇණවුම් කළ ලුණු තොගයෙන් කොටසක් තම සමාගම මිලදී ගෙන ජනතාවට අවශ්‍ය ලුණු වෙළඳපොළෙට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළ සභාපති නන්දන තිලක මහතා ලංකා ලුණු සමාගමද මෙට්‍රික් ටොන් 10,000 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයිද පැවසීය.

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ඇතුළු අනෙකුත් ලුණු ලේවායන්වල ලුණු අස්වැන්න නොලැබුණු බවත් පැවසු ඒ මහතා ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගය ලැබුණු පසු ලබන සතියේ සිට ලුණු ලක්ෂ දෙක බැගින් වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ඊයේ  (14) ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කල බව පැවසූ සභාපති ඩි.නන්දන තිලක මහතා අදත් (15) ලුණු පැකට් ලක්ෂයක් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

Continue Reading

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved