Connect with us

ව්‍යාපාර

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා වැටලීම්

Published

on

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය අවධාරණය කරයි.

මේ අතර පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද තුන්වැනි දිනටත් සිදු කෙරේ.

ඒ, සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් මතය.

අඛණ්ඩව දින 10ක් එම කටයුතු සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කලේය.

එම අධිකාරිය සඳහන් කළේ, හාල් මෝල් හිමියන් විසින් නිකුත් කර ඇති බිල්පත් පරීක්ෂා කිරීම් ඊයේ (09) දිනයේ සිට ආරම්භ කළ බවය.

සහල් නිකුත් කර ඇති වෙළෙඳසැල් එම බිල්පතට අනුව සොයා ගැනීමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

මේ අතර ආනයනික සහල් තොගයේ පළමු තොගය හෙට වනවිට මෙරටට ලැබෙනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව ප්‍රකාශ කළේ, පෞද්ගලික අංශය ඇණවුම් කළ තොග පළමුව මෙරටට ලැබෙනු ඇති බවය.

ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

පෞද්ගලික අංශය ඇණවුම් කළ සහල් තොග මෙරටට ලැබී දින කිහිපයකින් රජය ඇණවුම් කළ සහල් තොග වෙළෙඳපොළට ලැබෙනු ඇත.

ව්‍යාපාර

සිමෙන්ති මිල අඩු වෙයි ද?

Published

on

By

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

Continue Reading

ව්‍යාපාර

Economic Policy Lessons for New Sri Lanka කෘතිය නියෝජ්‍ය ඇමති වෙත

Published

on

By

මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත සහ ආර්ථික ක්‍රම සම්පාදන නියෝජය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම අද (14) සිදු කෙරිණි.

ඒ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදීය.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණි.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්විය.

Continue Reading

පුවත්

දත් හිරිවැටෙන සියඹලා මිල

Published

on

By

මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ.

ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි.

මීට පෙර සියඹලා කිලෝවක්  රුපියල් 350ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් ( සිල්ලර) අලෙවි වන්නේ රුපියල් 2000.00ක ඉහළ මිලකටය.

කෙසේ වෙතත් මේ වනවිට වෙළෙදපොළේ පවතින හිඟතාව හේතුවෙන් මෙලෙස ඉහළ මිලකට සියඹලා අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved