Connect with us

පුවත්

පෞද්ගලික වාහන ආනයනය ලබන වසර තෙක් කල්දාලා!

Published

on

පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙරට ආර්ථිකය තවමත් ස්ථාවර නොවීම සහ ඒ සඳහා පහසුකම් සැලැසීමට ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව නොමැතිවීම යන කරුණු මත පදනම්ව එලෙස තහනම ඉවත් කිරීම ලබන වසර මුල දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

පුද්ගලික වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදල් ප්‍රමාණයක් සෑම වසරකම මෙරටින් පිටතට ගලා සිදුවන බව වාර්තා වේ.

කෙසේ නමුත් ලොරි, බස් සහ ට්‍රක් රථ මෙන්ම සංචාරය ක්ෂේත්‍රය සඳහා යොදා ගන්නා වෑන් රථ වැනි වාණිජ පදනමකින් යුත් වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ලබන මස සිට ඉවත්වනු ඇති බවද පැවසේ.

එනමුත් රාජ්‍ය අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සඳහා අවශ්‍ය වාහන ආනයනය කිරීම ආරම්භ වන්නේ ලබන වසරේ පුද්ගලික වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසුව බවද වාර්තා වේ.

මීට පෙර විද්‍යුත් වාහන සහ පුද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා මෙම වසර අවසානයේ සිට අවසර ලබා දීමට රජය සැලැසුම් කර තිබිණි. 

කෙසේවුවද, එයද ලබන වසර දක්වා ප්‍රමාද කිරීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

ආනයනය කරනු ලබන පුද්ගලික වාහන වලින් වැඩිම ප්‍රමාණය ත්‍රී රෝද රථ සහ යතුරු පැදි වේ. 

ඒ හේතුවෙන් පුද්ගලික වාහන ආනයනය ඉවත් කිරීම ලබන වසරේ මැයි හෝ ජූනි දක්වා ප්‍රමාද වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

600 සීසී සිට 800 සීසී දක්වා කාණ්ඩයට අයත් මෝටර් රථ පාලනයක් සහිතව ආනයනය කිරීමට රජය අවසර ලබා දෙනු ඇති බවත් මුල් අදියරේදී බලයලත් නියෝජිතයන්ට සහ මව් සමාගම්වලට ඒ සඳහා අවසර ලැබෙනු ඇති බවත් මේ අතර වාර්තා වේ.

 වාහන ආනයනය ලබන වසරේ ආරම්භ වූ පසු වාහන අමතර කොටස් ආනයනය කර මෙරටදී වාහන එකලස් කරන සමාගම් සඳහා රජය ප්‍රමුඛතාව ලබාදීමේ සැලැසුමක්ද ක්‍රියාත්මක බව වාර්තා වේ.

වාහන ආනයනය කිරීම සඳහා අවසර ලැබී නැති වෛද්‍යවරුන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බලපත්‍ර සඳහා අවසර ලබාදීම තීරණය කරනු ලබන්නේද ලබන වසරේදී බව පැවසේ. 

අවසරය ලබා ගැනීම සඳහා පෝලිමේ තිබෙන ආනයන බලපත්‍ර 10,000 සඳහා එකවර අවසර නොලැබෙනු ඇති බවද වාර්තා වන අතර, එසේම අනෙකුත් වාහනද පාලනයක් සහිතව ආනයනය කිරීමට ද අපේෂිතය.

Continue Reading

පුවත්

කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක්

Published

on

By

2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව අද (12) සිට බෞද්ධාලෝක වෙසක් කලාපය, ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය පැවැත්වෙන දිනවල දී මෙලෙස රථවාහන සැළසුමක් ක්‍රියාත්මක කෙරේ.

ඊට අදාළව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට විශේෂ රාජ්‍ය සමාව

Published

on

By

වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 කට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01ක සමාවක් ප්‍රදානය කෙරෙන බවයි.

දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂයද අහෝසි කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කෙරෙන බවයි.

මෙම විශේෂ රාජ්‍ය  සමාව සඳහා කාන්තා රැඳවියන් 04 ක් හා පිරිමි රැදවියන් 384 වශයෙන් සියල්ල 388 ක් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනෙකු, වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනෙකු මහර බන්ධනාගාරයෙන් 30 ක් ඇතුළුව දිවයිනේ අනෙකුත් බන්ධනාගාරයන්ගෙන්ද රැඳවියන් නිදහස් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved