Connect with us

ව්‍යාපාර

පාන් මිල අඩුවෙයි(update)

Published

on

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවය.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමන එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

(පෙර පුවත 2025 පෙබරවාරි 18 පෙ.ව.9.59)


බේකරි නිෂ්පාදනවල මිල ගැන තීරණය අද

බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබේ.

ඒ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමේ අරමුණිනි

මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට වෙළෙඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද අදාළ සමාගම් ප්‍රකාශ කලේය.

ව්‍යාපාර

විදෙස් දේපොළ ආයෝජනය ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

Continue Reading

ව්‍යාපාර

කෙසෙල් මිල අඩුවෙලා

Published

on

By

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ගොවීහු දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව පවසති.

රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම සහ බුල්නෑව යන ප්‍රදේශවල ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන කෙසෙල් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ගොවීහු මැසිවිලි නගති.

ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළට විශාල කෙසෙල් අස්වැන්නක් පැමිණීමත්, ගැනුම්කරුවන්ගේ පැමිණීම සීමා වීමත් මිල පහත වැටීමට ප්‍රධාන හේතු බවයි.

වත්මන් කෙසෙල් මිල ගණන්

  • ඇඹුල් කෙසෙල්: රු. 40–45 (කිලෝවක තොග මිල)
  • සීනි කෙසෙල්: රු. 45–50 (කිලෝවක තොග මිල)
  • අළු කෙසෙල්: රු. 50–60 (කිලෝවක තොග මිල)
  • කෝලිකුට්ටු කෙසෙල්: රු. 180–200 (කිලෝවක තොග මිල)

Continue Reading

පුවත්

බිත්තර මිල දැනගන්න අලුත් ක්‍රමයක්

Published

on

By

පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන පරිදි ලබන සඳුදා (23) සිට බිත්තර මිල තීරණය කර එය දැනුම්දීමට සිය සංගමය කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසයි.

ඒ අනුව තීරණය කෙරෙන බිත්තර මිල සතියේ සෑම දිනකම පෙරවරු 5.00 ට සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට, බේකරි හිමියන්ට, බිත්තර යොදාගෙන විවිධ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලා හිමියන්ට, හෝටල් හිමියන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් නිකුත් කරන බව ඒ මහතා සඳහන් කලේය.

070-7030700 යන දුරකථන අංකය ඔස්සේ බිත්තර තොග මිල, සිල්ලර මිල, අතරමැදියා මිලදී ගන්නා මිල නිකුත් කෙරෙනු ඇත.

පසුගිය කාලයේදී ඇතැමුන් රුපියල් 15 ත් 18 ත් අතර අඩු මිලකට බිත්තර මිලදී ගෙන තොග රැස්කළ බවත්, එවැනි කටයුතුවලට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇතැමුන් බිත්තර සංගම් පිහිටුවාගෙන තිබුණත් ඔවුනට ගොවිපොළක් හෝ නොමැති බවද, ඔවුන්ට බිත්තර නිෂ්පාදනය පිළිබඳව අවබෝධයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 28 ක මුදලක්ද, මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 29 ත් 30 ත් අතර මුදලක්ද, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෙකුට රුපියල් 32 ක මුදලක්ද වැය වන බවද ඔහු මෙහිදී අදහස් ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved