Connect with us

පුවත්

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

Published

on

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා. දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරන බවය.

“ප්‍රධාන වශයෙන් ඔය ඩිජිටල්කරණයේ තියෙන සමහර අහිතකර දේවල් වෙන්න ප්‍රධාන හේතුවක් තමා තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ආර්ථිකය සම්බන්ධ සාක්ෂරතාවය නොමැතිවීම. එහෙම වුණාම තමන්ගේ මූල්‍ය ගනුදෙනු සහ ආර්ථික කටයුත්තකදී සාක්ෂරතාවය අඩු නිසා වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ බැංකුවෙන් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනවාත් සමගම මූල්‍ය සාක්ෂරතාවය ගැනත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.”

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved