Connect with us

ව්‍යාපාර

යළිත් බඩඉරිඟු ආනයනයට තීරණයක්?

Published

on

නවතා ඇති බඩඉරිඟු ආනයනය නැවතවරක් ආරම්භ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

එම කාරක සභාව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 28 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී මෙරටට අවශ්‍ය බඩඉරිඟු තොග සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

ඒ අනුව සත්ත්ව අහාර සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වැනිදා දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 275,000 අසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.  

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය ජනවාරි 31න් පසු බඩ ඉරිඟු ආනයනය නතර කර ඇති බව පැවසුවේය.

කෙස් වෙතත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක වාර්ෂික අවශ්‍යතාවය පවතින නමුත් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය එම අවශ්‍යතාවය සපුරාගැනීමට ප්‍රමාණවත් නොවන බව වැඩි දුරටත්  අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී බඩඉරිඟු ආනයනය කරන්නේනම් සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාරිකයින්ටද අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.  

එමෙන්ම මේ වන විට මෙරට බඩඉරිඟු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර විසිදහසක් දක්වා වැඩි කිරීමේ සැළසුමක්ද සකස් කර තිබෙන බවද  කාරක සභාව පවසන ලදී.  

මේ අතර විශේෂයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාකච්ඡා වී තිබේ.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved