Connect with us

පුවත්

රට බිත්තර පමා මොකෝ ජනපති වාර්තාවක් ඉල්ලයි; රටින් ගේනාවට වෙට්ලා කචල්

Published

on

බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත උපදෙස් දී තිබේ.

බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය තුළ ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙම වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයිද ජනපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරිමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බවට වෙළඳ අමාත්‍යවරයා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

මේ අතර, කුකුළු පාලනයේ නිරත ගොවීන්ගේ ගැටලු හඳුනාගෙන ඉතා ඉක්මනින් බිත්තර කර්මාන්තය යථාවත් කිරීමට මැදිහත් නොවී බිත්තර ආනයනය කිරීමට කටයුතු කළහොත් ගොවීන් සමග එකතුවී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි මහතා කියා සිටී.

ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යන කුරුළු උණ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බිත්තර ආනයනයට ඉඩ නොදුන් නිසා කෝප් කමිටුවේදී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට දේශපාලනඥයන් විරෝධය දැක්වූ බවද රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම සිද්ධියට සහ කුකුළු පාලනයේ නිරත ගොවීන්ගේ ගැටලු හඳුනා නොගැනීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ (30 වැනිදා) අසනීප නිවාඩු දමා විරෝධය දැක්වූහ.

බිත්තර ආනයනය කළොත් දේශීය කර්මාන්තය විනාශ වන බවත්, කර්මාන්තය දියුණු කිරීම සඳහා පශු වෛද්‍යවරුන් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවත් පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා කියා සිටී.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved