Connect with us

පුවත්

රයිගම් සභාපති රවී ලියනගේ අධිකරණයට කැඳවයි !

Published

on

නියමිත ප්‍රමාණයට වඩා අයඩීන් අඩු, තත්ත්වයෙන් බාල ලුණු “රයිගම් ඉසි” නැමැති ලුණු නිෂ්පාදනය කර බෙදා හැරීම සම්බන්ධයෙන් රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවින්ද්‍රනාත් (රවී) ලියනගේ මහතාට ලබන අප්‍රේල් 26 වැනිදා කොළඹ ශ්‍රේඨාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

එම සමාගමේ සෙසු අධ්‍යක්ෂවරුන් වන ක්‍රිෂාන් රෝහණ තියඩෝර්, ඝණක අමරසිංහ, ස්වර්ණා මංගලිකා ධර්මජීව, ගීතා ප්‍රීති පද්මකීර්ති හා මාකෙවිට උදේණි නදීකා පරේරා යන පිරිසට ද එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

මෙම නඩුව පවරා ඇත්තේ ගොතටුව මහජන පරීක්ෂක පී.ඒ.ඒ. කසුන් මහතා විසිනි.

පරිභෝජනයට ගන්නා ලුණු කිලෝ ග්‍රෑම් එකක අයඩීන් ග්‍රෑම් 15ත් 30ත් අතර ප්‍රමාණයක් තිබීම අනිවාර්ය වන අතර “රයිගම් ඉසි” ලුණු වල එම ප්‍රමාණය ග්‍රෑම් 15ට වඩා අඩු අගයක පවතින බව පැවසේ.

පුවත්

පළාත් පාලන ආයතන 161ක කටයුතු අදින් ආරම්භ වේ

Published

on

By

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්ය.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා  පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර පළාත්පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය ගන්නා ජනතාවාදී තීරණ සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය.

බහුතර බලය හිමිකරගෙන නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ජාතික ජනබලවේගයට ජනතාව විසින් ලබා දුන් බලය අනුව පළාත් පාලන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක 10,270කට පීඩා

Published

on

By

නායයාම් අවදානම, අධික සුළං සහ වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයන් 10,270 දෙනකු පීඩාවට පත්ව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

එහි නවතම වාර්තාවට අනුව අයහපත් කාලගුණික තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 18 කි.

පසුගිය 29 දින සිට ඊයේ (01) පෙරවරු 6.00 දක්වා වලංගු වන පරිදි මෙම තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත. 

ඒ අනුව එක් නිවෙසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි වූ නිවාස ගණන 2,710කි.

ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාවට සහන සැලසීමට මේ වන විටත් රුපියල් මිලියන 1,000ක් ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසීය. 

ඒ අනුව ආපදා සහන සැලසීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව ද ලේකම්වරයා කීය. 

පූර්ණ හානි නි‍වසක් සඳහා ලක්ෂ 25ක මුදලක්ද, අර්ධ හානි නි‍ෙවසක් සඳහා නිවාස සාදා ගැනීමට අවශ්‍ය මුදලද, ආපදාවක දී යම් පුද්ගලයකු මිය ගියහොත් වන්දි මුදල ලෙස ලක්ෂ 10ක් ද, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් වන්දි මුදල ලෙස ලක්ෂ 10ක් ද ලබාදෙන බව ද ඔහු පැවසීය. 

අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් වෛද්‍ය නිර්දේශ අනුව මුදල් ලබාදෙනු ලබයි. 

මෙම නිවාස හානි වෙනුවෙන් අවශ්‍ය වන්දි ගෙවීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා සිදු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.

මේ අතර ඊයේ (01) උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ පසුගිය පැය 36ක කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් එම පැමිණිලිවලින් රැසක් මේ වනවිටත් පිළිසකර කර අවසන් කර ඇති බවය. 

තවද අඛණ්ඩව විදුලි බලය ලබා දීම සඳහා කණ්ඩායම් පැය 24 පුරා සේවයේ යෙදී සිටින බවත් එම මණ්ඩලය පැවසීය.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ඥාති නිවාසවල පවුල් 139ක පුද්ගලයන් 532ක්ද සුරක්ෂිත මධ්‍යස්ථාන 03ක පවුල් 35ක පුද්ගලයන් 147ක් ද සිටිති. 

වෙහෙරගල, කුකුළේ ගඟ, ඉහළ කොත්මලේ, දැදුරුඔය ජලාශවල වාන් දොරටු විවෘතව පැවැතිණ. 

මේ නිසා මෙම ජලාශවලට පහළ වාරික කලාපවල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතුය. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඊයේ (01) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

අද (02) දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. 

ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක දී ජනතාවට ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා අදාළ සියලු අංශයන් සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්ලි මහතා පැවසීය. 

අදාළ තත්ත්වයන් පිළිබඳ ලැබෙන සියලු පණිවුඩ ජනතාවට දැනුම්දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයන්ද අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය. ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීම සඳහා 117 දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved