Connect with us

ව්‍යාපාර

රුපියල යළිත් වැටෙයි

Published

on

අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව ඇමෙරිකානු ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ

එහිදී ඩොලරයක ගැනුම් මිල රු. 320 ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රු. 340 සීමාව කරා පැමිණ ඇති බව දක්නට ලැබුණි.

පුවත්

ජනපති සුප්‍රකට චීන සමාගම් සමඟ විශේෂ සාකච්ඡා (ඡායා)

Published

on

By

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ  ආයෝජන සැසියට එක්වීමෙන් අනතුරුව චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡා වාර කිහිපයක් ද පැවැත්විය.

ඒ අනුව, චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත  (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (China Petrochemical Corporation -SINOPEC Group), සීමාසහිත මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම  (Metallurgical Corporation of China Ltd),  හුවාවි (Huawei), බී.වයි.ඩී (BYD Auto) යන චීනයේ ප්‍රමුඛ සමාගම් සමඟ  විශේෂ සාකච්ඡා සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ චීන ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් දැනුම්වත්  කළ ජනාධිපතිවරයා  රජයක් ලෙස ආයෝජකයින්ට  සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

යූ ලිං මහත්මිය – BYD සමාගමේ අධ්‍යක්ෂිකා
වං ටොංජෝ මහතා – චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) සභාපති
ෂ දායි මහත්මිය – චයිනා මර්චන්ට් සමූහය (CMG)
මා යොංෂන් මහතා – සයිනොපෙක් සභාපති
ජෙෆ් වාං – හුවාවේ ටෙක්නොලොජීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

Continue Reading

ව්‍යාපාර

සිමෙන්ති මිල අඩු වෙයි ද?

Published

on

By

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හර්ෂ ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසා තිබේ.

පසුගිය ආර්ථික කඩා වැටීමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ ඉතා විශාල ලෙස ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට මුහුණ දෙන ලදී.

කෙසේවෙතත් මේ වන විට ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින් පසුබිම තුළ නැවත එම ක්ෂේත්‍රයේ නැගීමක් තිබෙන අතර සිමෙන්ති මිල තවදුරටත් පහත වැටීම ඉදිකිරීම් කර්මාන්තයට පිටුවහලක් වනු ඇති.

Continue Reading

ව්‍යාපාර

Economic Policy Lessons for New Sri Lanka කෘතිය නියෝජ්‍ය ඇමති වෙත

Published

on

By

මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරයෙකු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය එච්. එන්. තේනුවර මහතා විසින් රචිත Economic Policy Lessons for New Sri Lanka කෘතිය කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත සහ ආර්ථික ක්‍රම සම්පාදන නියෝජය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම අද (14) සිදු කෙරිණි.

ඒ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදීය.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණි.

ආචාර්ය තේනුවර මහතා විසින් මෙරට පුවත්පත් සඳහා විවිධ අවස්ථාවල ලියන ලද ශ්‍රී ලංකායේ ආර්ථිකයේ කාලීන ප්‍රවණතාවයන් පිළිබඳ ලිපි එකතුවක් ඇසුරින් සකස් කෙරුණු මෙම කෘතිය පසුගියදා එළි දැක්විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved