Connect with us

පුවත්

ලංකාවේ මැණික්වලට ඇමරිකානු ඉල්ලුම අඩු වෙලා?

Published

on

ඇමරිකාවේ මේ වනවිට පවතින ආර්ථික පසුබෑම හේතුවෙන් මෙරට මැණික් සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරයි.

එසේ වුවද ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යෑම සමඟ මෙරටට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ලැබෙන ආදායම පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඉකුත් වර්ෂයේදී (2022) ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 53.88ක ආදායමක් උපයා ඇති අතර එය කොවිඩ් වෛරස් තත්වයෙන් පසු ඇමරිකාවට මැණික්, ස්වර්ණාභරණ අපනයනයෙන් ලද ඉහළ ආදායම වේ.

තවද පසුගිය වසරේදී මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති තායිලන්තයට අපනයනය කිරීම මඟින්ද ඩොලර් මිලියන 34.5ක පමණ ආදායමක් මෙරටට ලැබී ඇත.

එසේම මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති අපනයනයෙන් ඩොලර් මිලියන 330ක පමණ ආදායමක් උපයා ඇති අතර, එය ඉකුත් වසරට (2022) සාපේක්ෂව 30% ක වර්ධනයකි.

මෙලෙස ආදායම ඉහළ ගියද ප්‍රමාණාත්මකව මෙරට මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති සඳහා පවතින ඉල්ලුම අඩුවී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තවදුරටත් පවසයි.

පුවත්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරට

Published

on

By

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම හමුවේ දී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

Continue Reading

පුවත්

මිල්කෝ කිරිපිටි මිල අඩු වෙයි

Published

on

By

මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමටයි කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් කි.

එමෙන්ම කිරිපිට කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් පහත හෙළීමටයි කටයුතු කර ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585කි.

මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන බව, එම සමාගම නිවේදනය කළේය.

Continue Reading

පුවත්

මැතිවරණ පැමිණිලි 3041ක්

Published

on

By

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 3041ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ පැමිණිලිවලින් මේ වනවිට පැමිණිලි 2271ක් විසඳීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම තවත් පැමිණිලි 770ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය ජූලි මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved