Connect with us

ව්‍යාපාර

ලබන මාසයේ සිදුවන “ඇපල්” එළිදැක්වීම

Published

on

ලබන සැප්තැම්බර් 10 වන දින ඇපල් සමාගම එහි විශාලතම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

එදිනට ඇපල් සමාගම නවතම ඉඵ්හොනෙ, ඇපල් අත් ඔරලෝසු සහ AirPods එළිදක්වන බවයි Bloomberg News වාර්තා කරයි.

සමාගම එම දිනය සඳහා සූදානම් වෙමින් සිටින අතර, නිශ්චිත වේලාව තවමත් ප්‍රකාශයට පත් කර නැතත්, ඉන් පසුව, මෑත වසරවල Apple හි සාමාන්‍ය ප්‍රවේශයට අනුකූලව, සැප්තැම්බර් 20 වන දින එම නව Apple දුරකථන පාරිභෝගිකයාට ලබා ගත හැකිය.

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල වෙනසක්?

Published

on

By

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුණි.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සළකුණ වන ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවටද ඇතැම් පාර්ශව චෝදනා කරයි.

මන්ද ජනාධිපතිවරයා සහ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදෙන පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි පිරිස ගෑස් පෝලිම් අවසන් කිරීම සහ ගෑස් ප්‍රශ්න විසදූ බවට දිගින් දිගටම ප්‍රචාරය කිරීම මීට හේතුවය.

Continue Reading

පුවත්

ඉන්ධන මිල අඩුවේ

Published

on

By

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

Continue Reading

පුවත්

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Published

on

By

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල තවදුරටත් පහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සුදු සීනි කිලෝවක් රුපියල් 242 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක් රුපියල් 226 ක් ලෙසත් කඩල කිලෝවක් රුපියල් 439 ක් ලෙසත් මිල සංශෝධනය කර තිබේ.

මිල සංශෝධනය කර ඇති අනෙකුත් භාණ්ඩ පහතින්,

 හාල් මැස්සන් ග්‍රෑම් 100ක් රුපියල් 92.50

රතු ලූනු ග්‍රෑම් 100ක් රුපියල් 47 

වියළි මිරිස් ග්‍රෑම් 100 ක් රුපියල් 78 

 මුං ඇට ග්‍රෑම් 100 ක් රුපියල් 89 

 ග්‍රෑම් 155 ටින්මාළු (ආනයනික/දේශීය) රුපියල් 270 

 ග්‍රෑම් 425 ටින්මාළු (දේශීය) රුපියල් 450 

 ග්‍රෑම් 425 ටින්මාළු (ආනයනික) රුපියල් 500 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved