Connect with us

ව්‍යාපාර

ලුණු තොගය දිවයිනට එන්න දින කිහිපයක් ප්‍රමාද විය හැකියි (UPDATE)

Published

on

ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගම සඳහන් කළේය.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව  ජාතික ලුණු සමාගම සඳහන් කළේය.


(පෙර පුවත 2025 මැයි 22 ප.ව.1.00 )

ලබන සතියෙන් ලුණු හිඟය අවසන්

රජය විසින් ආනයනය කරන ලද ලුණු තොග අද (22)  පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය විසින් ආනයනය කරනු ලැබූ ලුණු තොග ඊයේ (21) මෙරටට ලැබුණු බවය.

ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මෙලෙස  ආනයනය කරන ලුණු තොගය මෙට්‍රික් ටොන් 30000කි.

ව්‍යාපාර

මසුන් බහුල තැන් ගැන ධීවරයාගේ දුරකථනයට SMS ලෙස

Published

on

By

මුහුදේ මසුන් බහුල වශ­යෙන් ගැව­සෙන ස්ථාන කෙටි පණි­වු­ඩ­ය­කින් ධීව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නාරා ආය­ත­නය සහ ඩය­ලොග් ආය­ත­නය එක්ව ක්‍රියා­ත්මක කර ඇත.

මේ සඳහා වූ ගිවි­සු­මට නාරා ආය­ත­නය වෙනු­වෙන් එහි සභා­පති නිමල් හෙට්ටි­ආ­රච්චි සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ අධ්‍යක්ෂ  සුපුන් වීර­සිංහ මහ­ත්වරු විසින් පසු­ගි­යදා අත්සන් තබන ලදි.

2020 වසරේ සිට ධීවර ප්‍රජාව වෙනු­වෙන් භාවිත කෙරෙන ත්‍රෛභාෂා ධීවර යෙදු­මක් වන සයුරු ජංගම දුර­ක­තන යෙදු­මෙන් මේ කෙටි පණි­වු­ඩය ලබා­දීම සිදු කෙරේ.

නාරා ආය­ත­නය චන්ද්‍රිකා තාක්ෂ­ණ­යෙන් එදි­නෙදා ගන්නා සාග­රයේ බහුල වශ­යෙන් මසුන් ගැව­සෙන ස්ථාන පිළි­බඳ තොර­තුරු  කෙටි පණි­වු­ඩ­ය­කින් ජංගම දුර­ක­ත­න­යට දෙන අතර, එම­ඟින් ධීවර කාර්මි­ක­යන්ට පහ­සු­වෙන් මත්ස්‍ය බිම් සොයා ගැනී­මට හැකි­යාව ඇත. එතු­ළින්  ඉන්ධන පිරි­වැය ද අඩු­කර ගැනී­මට ද  හැකි­යාව ලැබේ.

ජාතික ජලජ සම්පත්  පර්යේ­ෂණ හා සංව­ර්ධන නියෝ­ජි­තා­ය­නය හෙවත් නාරා ආය­ත­න­යෙන් 2008 සිට චන්ද්‍රිකා සාගර විද්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යෙන් බහු­දින ධීවර යාත්‍රා සඳහා මසුන් ගැව­සෙන ප්‍රදේශ පිළි­බඳ පුරෝ­ක­ථන සිති­යම් නොමිලේ දීම සිදු කරයි.

මේ සේවා මඟින් සති­යට දින තුනක් මසුන් ගැව­සෙන ස්ථාන සහිත සිති­යම් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මෙ­න්තු­වෙන් නිකුත් කරන ගැඹුරු මුහුදේ කාල­ගුණ තොර­තුරු යාත්‍රා හිමි­යන්ට ලබා දෙයි.

මේ පුරෝ­ක­ථ­නය මඟින් කහ­ව­රල් කෙළ­වල්ලා, ඇස්ගෙඩි කෙළ­වල්ලා සහ බලයා යන මත්ස්‍ය­යන් පිළි­බඳ තොර­තුරු ලබා දෙයි.

මේ ගිවි­සුම් අත්සන් කිරීමේ අව­ස්ථා­වට නාරා ආය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් කේ. අරු­නා­ලන්, නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජන­රාල් කේ. එච්. එම්. එල්. අම­ර­ලාල් සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ  නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වූහ.

Continue Reading

ව්‍යාපාර

ආනයනික ලුණු වෙළඳපොළට

Published

on

By

ජාතික ලුණු සමාගම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.

ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.

ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading

කැබිනට් තීරණ

ආර්ථික මධ්‍යස්ථාන වල වැඩ බලන්න සමාගමක්…

Published

on

By

ගොවිපොළ හෝ කෘෂිකාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කර තිබේ.

ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතී.

එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006‑01‑10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම්වල නිල බලයෙන් පත්‍ වන සාමාජිකයින්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මඟින් සිදු කරනු ලැබේ.

මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකව සහ තිරසර ව සිදු කිරීම සඳහා මධ්‍යගත, නෛතික ව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved