Connect with us

පුවත්

ලිට්‍රෝ ඇතුළු ආයතන 4කට ගනුදෙනු උපදේශකයන් තෝරගනියි

Published

on

2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉහත සඳහන් සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම කාර්යය සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, අභිමතය ප්‍රකාශ කිරීම් (EOI) සහ යෝජනා ඉල්ලීම් (RfP) කැඳවා ඇත. 

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කෙටි ලැයිස්තුගත කරන ලද යෝජනා අතුරින් ගුණාත්මක බව සහ පිරිවැය මත පදනම් වූ තෝරාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් පහත සඳහන් ආයතන 4 සඳහා ගනුදෙනු උපදේශකයන් තෝරා ගනු ලැබ තිබේ.

(i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව – Alvarez and Marsal

(ii) කැන්විල් හොල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම – Deloitte India

(iii) හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම – Colliers Singapore

(iv) ලිට්‍රො ගෑස් ලංකා සමාගම – Deloitte India

ඒ අනුව, තෝරාගනු ලැබ ඇති පහත සඳහන් ගනුදෙනු උපදේශකයන් සමඟ අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පුවත්

අදින් ඇරඹෙන “ප්‍රජා ශක්ති”

Published

on

By

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ,  ප්‍රධාන අරමුණු තුනක් ඔස්සේ සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ  සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා එම වැඩපිලිවෙල තුළින් අපේක්ෂා කරන බවයි.

ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන යටතේ මෙරට ග්‍රාම නිලධාරී වසම් 14,000 ක ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය.

ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, වැඩපිළිවෙළ අධීක්ෂණය ජාතික ප්‍රතිපත්ති සභාවක් මගින් සිදු කෙරෙන බවයි.

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

Published

on

By

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

පුවත්

සිසුවෙකු පා පුවරුවෙන් ඇද වැටීමේ සිද්ධියට සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

Published

on

By

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved