Connect with us

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි

Published

on

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු. 3,738ක් දක්වා අඩු කර ඇත.

තවද, කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත සිලින්ඩරයක මිල රු. 402කින් රු. 1,502ක් දක්වාද සහ කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රු. 183කින් රු. 700ක් දක්වාද පහත දමා තිබේ.

පුවත්

ආයෝජන මණ්ඩල සේවකයෝ පාරට බසිති

Published

on

By

‘ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද (21) දහවල් 12.00 ට පමණ මහබැංකුව ආසන්නයේ ඇති කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාව පැවැත්වූහ.

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද ආයෝජන මණ්ඩල සේවකයින් මෙම විරෝධතාවය අඛණ්ඩව පවත්වනු ලැබේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සූදානමින්

Published

on

By

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අවශ්‍යතාවය අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දිවයින පුරා වෙසක් කලාප 419ක් සංවිධානය කර ඇති අතර,එමෙන්ම තොරණ 321ක් දිවයින පුරා ඉදිවෙන බවය.

ඊට අමතරව දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Continue Reading

පුවත්

විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

Published

on

By

මුන්දලම – බරලන්කට්ටුව ප්‍රදේශයේ සිය සත්ත්ව ගොවිපලේ විදුලි අළුත්වැඩියා කටයුත්තක් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ගම්පහ – ඉඹුල්ගොඩෙ පදිංචිව සිටි මොනර පිටිකුඹුරමුල්ලගේ සනත් කුමාර නම් අයෙකි.

මිය ගොස් ඇති පුද්ගලයා ඉකුත් 20 වැනිදා සවස තමන් විසින් ප්‍රදේශයේ පවත්වා ගෙන යන සත්ත්ව ගොවිපලක දොරක් අළුත්වැඩියා කරමින් සිට ඇත.

එම අවස්ථාවේ ඇති වූ විදුලිය කාන්දුවීමකින් ඔහු අනතුරට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved