Connect with us

ව්‍යාපාර

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයෙන් තවත් පිම්මක්

Published

on

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලංකන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදුකළේ ය.

මෙය අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවයන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයකි. වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා පූර්ණ නඩත්තු කටයුතු සැපයීම වෙනුවෙන් මේ ආකාරයට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය සමග අත්වැල් බැඳගත් ප්‍රථම අග්නිදිග ආසියානු ගුවන් සේවය සීබු පැසිෆික් එයාර් ගුවන් සේවය වන අතර, අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ විශාල ජාත්‍යන්තර ඉල්ලුමක් හා කීර්තියක් දිනාගැනීමට ශ්‍රීලංකන් ඉංජිනියරින් සමත් වී ඇති බවට මෙය මනා සාක්ෂියකි.

ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගම සතුව පවතින, වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා European Aviation Safety Agency (EASA) අනුමැතිය හිමි ගුවන් යානා අංගණය තුළදී සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානාව පරීක්ෂාවට ලක්කරන ලදි. 2023 මැයි මාසය තුළදී ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගම මෙම ගුවන් යානයට අමතරව සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (CF6) ගුවන් යානා දෙකක්ද පූර්ණ නඩත්තු පරීක්ෂාවන්ට ලක්කළේ ය.

ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගම බාහිර නඩත්තු සේවාවන් ආරම්භ කරන ලද්දේ මෑතකදී වුවද, තෙවන-පාර්ශ්වීය මූලික නඩත්තු සේවා සම්පාදකයෙකු වශයෙන් සමාගම දැනටමත් විශාල ජනප්‍රියත්වයක් හා සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ. කෙටි කාලයක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නඩත්තු හා අලුත්වැඩියා සේවාවන් සැපයීම නිසා මේ වනවිට දකුණු ආසියාව, මැද පෙරදිග, නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව යන කලාපවල ගුවන් සමාගම් කිහිපයක් දැනටමත් ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගමේ සේවාදායකයන් බවට පත් වී සිටිති.

මෙම වසර තුළදී පමණක් නව ගුවන් සේවාවන් කිහිපයක්ම ශ්‍රී ලංකාවේදී සහ මාලදිවයිනේදී ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගමේ සේවාවන් ලබාගැනීමට ඉදිරිපත් විය. එම සමාගම ලබාදෙන මූලික නඩත්තු සේවාවන් සඳහා පවතින ඉල්ලුමද මේ වනවිට බෙහෙවින් ඉහළ ගොස් තිබේ. 2023 වසරේදී එයාර් සියාල් සහ සලාම් එයාර් යන සමාගම් උපාංග නඩත්තු සේවාවන් සඳහා ලියාපදිංචි වූ අතර, සීබු පැසිෆික් එයාර් සහ ජසීරා එයාර්වේස් යන සමාගම් බරපතළ නඩත්තු කටයුතු සඳහා ලියාපදිංචි විය. මේ ආකාරයට අලුත්වැඩියා, නඩත්තු සහ පූර්ණ නඩත්තු සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගමේ ඇමරිකානු ඩොලර් ආදායමද පසුගිය වසර දෙකක කාලය තුළ 35% කින් වර්ධනය වී තිබේ.

ශ්‍රීලංකන් ඉංජිනියරින් සමාගම පිළිබඳ වැඩිදුර තොරතුරු www.srilankanengineering.com හි දක්වා ඇත.

පුවත්

ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ

Published

on

By

ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු  පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මෙයයි.

 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන( ශිතකල පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ මෙම තොගය ගෙන්වනු ලැබූ බව අමාත්‍යාංශය පවසයි.

මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදා ගැනීමට නියමිතය.

මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ.

එමෙන්ම මෙම තොගය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.

තොගය විවෘත කිරිම හෙට (31)  උදෑසන 9.00 ට RCT සංකීර්ණය, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී සිදු කිරිමට නියමිතයි.

Continue Reading

ව්‍යාපාර

මසුන් බහුල තැන් ගැන ධීවරයාගේ දුරකථනයට SMS ලෙස

Published

on

By

මුහුදේ මසුන් බහුල වශ­යෙන් ගැව­සෙන ස්ථාන කෙටි පණි­වු­ඩ­ය­කින් ධීව­ර­යාගේ ජංගම දුර­ක­ත­න­යට ලබා­දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නාරා ආය­ත­නය සහ ඩය­ලොග් ආය­ත­නය එක්ව ක්‍රියා­ත්මක කර ඇත.

මේ සඳහා වූ ගිවි­සු­මට නාරා ආය­ත­නය වෙනු­වෙන් එහි සභා­පති නිමල් හෙට්ටි­ආ­රච්චි සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ අධ්‍යක්ෂ  සුපුන් වීර­සිංහ මහ­ත්වරු විසින් පසු­ගි­යදා අත්සන් තබන ලදි.

2020 වසරේ සිට ධීවර ප්‍රජාව වෙනු­වෙන් භාවිත කෙරෙන ත්‍රෛභාෂා ධීවර යෙදු­මක් වන සයුරු ජංගම දුර­ක­තන යෙදු­මෙන් මේ කෙටි පණි­වු­ඩය ලබා­දීම සිදු කෙරේ.

නාරා ආය­ත­නය චන්ද්‍රිකා තාක්ෂ­ණ­යෙන් එදි­නෙදා ගන්නා සාග­රයේ බහුල වශ­යෙන් මසුන් ගැව­සෙන ස්ථාන පිළි­බඳ තොර­තුරු  කෙටි පණි­වු­ඩ­ය­කින් ජංගම දුර­ක­ත­න­යට දෙන අතර, එම­ඟින් ධීවර කාර්මි­ක­යන්ට පහ­සු­වෙන් මත්ස්‍ය බිම් සොයා ගැනී­මට හැකි­යාව ඇත. එතු­ළින්  ඉන්ධන පිරි­වැය ද අඩු­කර ගැනී­මට ද  හැකි­යාව ලැබේ.

ජාතික ජලජ සම්පත්  පර්යේ­ෂණ හා සංව­ර්ධන නියෝ­ජි­තා­ය­නය හෙවත් නාරා ආය­ත­න­යෙන් 2008 සිට චන්ද්‍රිකා සාගර විද්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යෙන් බහු­දින ධීවර යාත්‍රා සඳහා මසුන් ගැව­සෙන ප්‍රදේශ පිළි­බඳ පුරෝ­ක­ථන සිති­යම් නොමිලේ දීම සිදු කරයි.

මේ සේවා මඟින් සති­යට දින තුනක් මසුන් ගැව­සෙන ස්ථාන සහිත සිති­යම් කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මෙ­න්තු­වෙන් නිකුත් කරන ගැඹුරු මුහුදේ කාල­ගුණ තොර­තුරු යාත්‍රා හිමි­යන්ට ලබා දෙයි.

මේ පුරෝ­ක­ථ­නය මඟින් කහ­ව­රල් කෙළ­වල්ලා, ඇස්ගෙඩි කෙළ­වල්ලා සහ බලයා යන මත්ස්‍ය­යන් පිළි­බඳ තොර­තුරු ලබා දෙයි.

මේ ගිවි­සුම් අත්සන් කිරීමේ අව­ස්ථා­වට නාරා ආය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් කේ. අරු­නා­ලන්, නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජන­රාල් කේ. එච්. එම්. එල්. අම­ර­ලාල් සහ  ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ  නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වූහ.

Continue Reading

ව්‍යාපාර

ආනයනික ලුණු වෙළඳපොළට

Published

on

By

ජාතික ලුණු සමාගම විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇතැයි එම ලුණු සමාගම පවසයි.

ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වූ බවත් ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ජාතික ලුණු සමාගම සදහන් කරයි.

ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද පිටකොටුව ආනයනකරුවන් ඇතුළු ආනයනකරුවන් 100 කට වැඩි පිරිසක් තවත් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කරන බවද කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved