Connect with us

ව්‍යාපාර

ශ්‍රීලංකන් – කොරියානු ගුවන් සේවය හා එක්වේ

Published

on

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. 

2024 මාර්තු 15 සිට ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ  කොළඹ සහ සෝල් (Seoul) අතර ගමන් කරන ගුවන් මගීන්ට ගුවන් සේවාවන් දෙකම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය ගමනාන්තය කරා ගමන් කිරීමට හැකි වේ.

“ශ්‍රීලංකන් ගුවන් සේවය කොරියානු ගුවන් සේවය සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම  අවස්ථාව  මෙයයි, කොළඹ සහ සෝල් අතර සම්බන්ධතාව ඉහළ නැංවීමට හැකිවීම ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙමඟින් නගර දෙක අතර මගී ගමනාගමනය ගුවන් සමාගමට ලාභදායී ආකාරයෙන්  වර්ධනය කර ගැනීමට සහ මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගැනීමට ද උපකාරී වනු ඇත. ” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ‍රිචඩ් නටාල් (Richard Nuttall) මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය (codeshare) යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලින් සෝල් (Seoul) ඉන්චියොන් (Incheon) වෙත ගමන් කරන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් සිංගප්පූරුව හරහා කොරියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් ද ගමන් කළ හැක. එමෙන්ම කොරියානු ගුවන් සේවයේ  තනි ගුවන් ප්‍රවේශ පත්‍රයක් මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් සෝල් ඉන්චියොන් , සිංගප්පූරුව, චෙන්නායි සහ මාලේ වෙතද ගමන් කළ හැකිය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට කොළඹ සිට ඉන්චියොන් දක්වා සතියකට දෙවතාවක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර,  මෙම නව හවුල්කාරීත්වය නිසා සතියේ සෑම දිනකම කොළඹ සිට සිංගප්පූරුව හරහා  සෝල් ඉන්චියොන් වෙත යෑමට හැකියාව ලැබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ චෙන්නායි අතර හා කොළඹ සහ මාලේ අතර දිනකට ගුවන් වාර තුන බැගින් සිදුකරන අතර කොරියානු ගුවන් සේවයට අයත් මඟීන්ට ද මෙම ගුවන් යනා මඟින් තම ගමනාන්ත වෙත යෑමට හැකි වීම ඉමහත් පහසුවක් වනු ඇත.

නව හවුල්කාරිත්ව (codeshare) යටතේ ක්‍රියාත්මක ප්‍රවේශපත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ  සහ කොරියන් ගුවන් සේවයේ හි මාර්ගගත මිලදී ගැනීමේ පහසුකම ඔස්සේ සහ විකුණුම් කාර්යාල හරහා මෙන්ම සංචාරක නියෝජිතායතන හරහා ද මිල දී ගත හැක.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය අතර මෙම හවුල්කාරීත්වය (codeshare) ආරම්භ කිරීමට හැකි වීම  ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පැවතෙන සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකිය හැකිය. සහයෝගිතාව හා ගුණාත්මක සේවාවක් මඟින්  සිය ගුවන් මගීන් සඳහා සුවපහසු  සංචාරක අත්දැකීම් ලබා දීම ගුවන් සමාගම් දෙකහිම අරමුණ වේ.

ව්‍යාපාර

එළවළු මිල ඉහලට?

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගාබිම්වලට දැඩි හානි සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වයට ගැළපෙන පරිදි ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කළ පසුබිමක් තුළ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති බවය.

මේ හේතුවෙන් තවත් මාස එක හමාරකින් පමණ එළවලු සහ පළතුරුවල මිල ගණන් ඉහළ යා හැකි බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading

ව්‍යාපාර

මහ බැංකුව පොලී අනුපාත ගැන තීරණයක් ගනී

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් වෙනුවෙන් සමාගම් 3ක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන අතර සෙසු සමාගම දේශීය සමාගමකි.

අමාත්‍යවරයා සඳහන් කලේ, ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවය.

ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේ ය.

සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් ඓFC ආයතනය උපදෙස්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved