Connect with us

පුවත්

සංවර්ධන ලොතරැයියේ මිල දෙගුණයකින් වැඩි ‌කරයි!

Published

on

අමත්‍යාංශයෙන් ලද අනුමැතිය මත ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා කියයි.

ඒ් මහතා මේ බව කියා සිටියේ සංවර්ධන අභිමන් 2023 වැඩ සටහන යටතේ ක්‍රියාත්මකවන දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුවීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව ඊයේ (28)  කටුනායක ඊගල් ලැගුන් හෝටල් පරිශ්‍රයේදි පැවති අවස්ථාවේදීය.

“පසුගිය කාලයේ  කෝවිඩ් වසංගතය සමග උද්ගතවූසමාජීය හා ආර්ථික පරිහානියත් සමග රටේ සියලු ව්‍යාපාරයන්ට දැඩි  බලපෑම් එල්ල වුණා.රට තුළ පෙර  නොවූ අන්දමින්  දේශපාලන අර්බුදකාරී තත්ත්වයක්  උද්ගත වුණා.රටත් ජනතාවත් දැඩි පීඩාවටඅසරණභාවයට පත්ව සිටි එවැනි අවස්ථාවක පවා අපගේ අලෙවි නියෝජිතයන් සංවර්ධන ලොතරැයි ව්‍යාපාරය අරක්ෂා කර ගැනීමට දැඩි කැපවීමකින් කටයුතු කළා.

අවුරුදු 40 කාලයක් පුරා සංවර්ධන ලොතරැයි මණ්ඩලයක් එක්ක සිටි අලෙවි නියෝජිතයන්ගෙන් වන සේවය කාටවත් නෙපෙනුණත් ඔවුන්ගෙන් රටටත් ජනතාවටත් විශාල යහපතක් සිදු  වෙනවා.ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කරනවා.

2022 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් බිලියන 19 වාර්තාගත ආදායමක් වාර්තා කර තිබෙනවා.රුපියල් බිලියන 10 තෑගි මුදල් වශයෙන් ජනතාවට ලබාදී තිබෙනවා.බිලියන 03 ක මුදලක් බදු වශයෙන් රජයට ලබාදී තිබෙනවා.

 දිනකට රුපියල් ලක්ෂ 22ක සංවර්ධන ලොතරැයි පත් අලෙවිය අද ලක්ෂ 36 දක්වා වැඩිවෙලා තිබෙනවා.අපි තීරණය කළා ජනාධිපති අරමුදලට,මහපොළ බාරකාර අරමුදලට මීට වඩා ශක්තිමත් දායකත්වයක් ලබා දෙන්න.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved