Connect with us

ව්‍යාපාර

සතොසට ලොකු ලාභයක්

Published

on

ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ.

ඒ අනුව, සතොස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක් බව සඳහන්ය.

එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක් බව වාර්තා වේ.

මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට සතොස රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා ඇති අතර පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේ වාර්තා කළ අලාභය රුපියල් මිලියන 333 කි.

ලංකා සතොස සමාගම පවසන්නේ මෙම වසරේ රුපියල් මිලියන 250 ක ශුද්ධ ලාභයක් ලබාගැනීම අපේක්ෂාව කරන බවය.

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading

විදෙස්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිල ඉහළට

Published

on

By

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද දිනයේ එහි මිල 9%ක අගයකින් ඉහළගොස් ඇති අතර එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය බවය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading

ව්‍යාපාර

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් ආනයනයක්

Published

on

By

මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට ආනයනය කර තිබේ.

මෙම ප්‍රමාණය ආනයනය සිදුව ඇත්තේ, මැයි 22 වැනිදා සිට පසුගිය ජූනි 7 වැනිදා දක්වා කාලය තුළය.

රේගුව සඳහන් කරන්නේ මෙම ආනයනයන් වෙනුවෙන් රුපියල් මිලියන 1291ක පමණ මුදලක් වැය වී ඇති බවය.

ඉන්, රුපියල් මිලියන 720ක්ම ගෙවා ඇත්තේ, බදු ලෙසය.

පවතින හිඟයට පිළියමක් ලෙස ආනයනය කිරීමට නියමිත ලුණු ප්‍රමාණය, මෙට්‍රික් ටොන් 30000 කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved