Connect with us

ව්‍යාපාර

සතොසෙ බඩු 12ක මිල අඩු වෙයි

Published

on

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල අද (19) සිට තව දුරටත් අඩු කර තිබේ.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2 කින්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 8 කින්, සුදු කැකුළු සහල් (දේශීය) සහ සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 10 බැගින්, සුදු නාඩු (දේශීය) රුපියල් 9 කින්, සුදු නාඩු (ආනයනික) රුපියල් 8 කින්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 6 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 50 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 5 කින් සහ හාල්මැස්සෝ කරවල කිලෝවක් රුපියල් 20 කින් අඩු කළ බව ද සතොස පවසයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 180 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 216 කට, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 187 කට, සුදු කැකුළු සහල් (දේශීය) කිලෝවක් රුපියල් 179 කට, සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 210 කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 189 කට, සුදු නාඩු (ආනයනික) රුපියල් 180 කට, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 239 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 370 කට, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1730 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 235 කට සහ හාල්මැස්සෝ කරවල කිලෝවක් රුපියල් 1100 කට මිලදී ගතහැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

පුවත්

ADB සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

Published

on

By

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි. 

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Motta) යන මහත්වරුන්ද සහභාගී වූහ.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

Continue Reading

ව්‍යාපාර

විද්‍යුත් යතුරුපැදි ආනයනයට යළි අවසර

Published

on

By

තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

මේ අනුව පෙට්‍රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ.

2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී ඇත.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙතෙක් කාලයක් පැවැති තහනමක් රජය විසින් ඉවත් කර ඇත. මෙහිදී එච්.එස්. කාණ්ඩ හයක් යටතේ වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙහිදී අවසරය ලබාදී තිබේ.

මෙම තහනම ඉවත් කිරීම නිසා මෝටර් රථ එකලස් කිරීමේ දී පැවැති බාධා ඉවත් වන බවද රජය සඳහන් කරයි.

Continue Reading

ව්‍යාපාර

විදෙස් දේපොළ ආයෝජනය ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

විදේශයන්හි දේපොළ මිලදී ගැනීම සඳහා සිදුකරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත්කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved