Connect with us

ව්‍යාපාර

සතොස හාල් වර්ග 3ක මිල බස්සයි

Published

on

සතොස සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත.

දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165කි.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි.

එසේම රතු කැකුළු කිලෝවක මිල ද රුපියල් 2කින් සතොස පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137කි.

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

Published

on

By

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

Continue Reading

ව්‍යාපාර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන්

Published

on

By

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබේ.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 238ත් 274 අතරත්, පරිප්පු රුපියල් 270 ත් 320 අතරත්, ආනයනික අර්තාපල් රුපියල් 180 ත් 234 අතර  මිල සටහන් වන බව එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තවද, සුදු බිත්තරයක් රුපියල් 20ත් 34 අතරත්, දුඹුරු බිත්තරයක් රුපියල් 30 ත් 36 අතරත් මිල සටහන් වේ.

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන් නිකුත් කළ නව මිල පරාසයන් පහතින්

Continue Reading

ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

Published

on

By

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවය.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) මෙසේය :

කිලෝග්‍රෑම් 12.5 – රු. 3,690

කිලෝගෑස් 5 – රු. 1,482

කිලෝග්‍රෑම් 2.3 – රු. 694කි

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved